මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍ය මඟින් මුදාහළ යුත්තේ හරවත් හා ගුණවත් දේ පමණයි- ජනපති

    ජූනි 05, 2016

    ටෙලි නිර්මාණ ශිල්පීන්ගේ කුසලතා ඇගයෙන 12 වැනි රයිගම් ටෙලි සම්මාන උළෙල ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් ලෙස නෙළුම් පොකුණ රඟහලේ දී ඊයේ (03) පස්වරුවේ පැවැත්විණි.

    ටෙලි නාට්‍ය සහ රූපවාහිනී මාධ්‍යයට අදාළ සියලු ක්ෂේත‍්‍ර ඇගයීමට ලක්කර මෙවර සම්මාන උළෙලේ දී සම්මාන 53ක් ප‍්‍රදානය කෙරුණු අතර වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා, නිළිය, වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය, වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහ වසරේ සම්මානනීය ටෙලි නාට්‍ය නාළිකාව සඳහා වන සම්මාන ජනාධිපතිතුමන් අතින් මෙහිදී ප‍්‍රදානය කෙරිණි.

     

    මෙහිදි අදහස් දක්වමින් ජනාධිපතිතුමා පැවසුවේ ජනතා රසාස්වාදය වෙනුවෙන් ජනතාව ඉල්ලන විනෝදාස්වාදය බහුලව රූපවාහිනි මාධ්‍ය මගින් ඉදිරිපත් වන බවය. එහෙත් දැනුම, සංස්කෘතිය සහ ක‍්‍රීඩාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට මාධ්‍යයට සුවිශාල හැකියාවක් පවතින බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මාධ්‍ය මගින් ජනතාව වෙතට මුදාහල යුත්තේ හරවත් සහ ගුණවත් දේ පමණක් විය යුතු බව ද කියා සිටියේය.

     

    ටෙලි සම්මාන උළෙලේ සම්මාන ලාභීන් ජනාධිපතිතුමා සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටි අතර මෙම අවස්ථාවට මැති ඇමතිවරු, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya