මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිට රාජ්‍ය නායකයන්ගේ උණුසුම් පිළිගැනීමක්

    මැයි 28, 2016

    ඇමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමා, ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල්, ප්‍රංශ ජනාධිපති ෆ්‍රැන්කොයිස් හොලන්ඩ් ජපන් අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩි කැමරන්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ඇතුළු රාජ්‍ය නායකයින්ගෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට උණුසුම් පිළිගැනීමක් හිමි වී තිබේ.



    ජී-7 හෙවත් ප්‍රධාන කාර්මික රටවල් හතේ කණ්ඩායම් රාජ්‍ය නායක සමුළුවේ සමගාමී සමුළුව ඊයේ (27) පෙරවරුවේ ජපානයේ ඉසේ-ශිමා නගරයේදී ආරම්භ කෙරුණු අතර ශ්‍රි ලංකාවේ රාජ්‍ය නායකයෙකුට ඒ සඳහා ආරාධනා ලැබුණු ප්‍රථම අවස්ථාව සනිටුහන් කරමින් ඊට සහභාගීවූ ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතා ඊට එක් සිටි.

    ජී- 7 සමුළුවේ වත්මන් සභාපති ජපාන අගමැති ෂින්සෝ අබේ මහතාගේ විශේෂ නිල ආරාධනයෙන් සමුළුවට සහභාගීවූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

    පළමුව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මහතා ජනාධිපතිවරයා අසුන්ගෙන සිටින ස්ථානයටම පැමිණ ජනාධිපතිවරයා වෙත සිය සුබපැතුම් පළ කළ අතර අනතුරුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්, ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් මහත්මිය මෙන්ම ඇමරිකන් ජනාධිපති බැරැක් ඔබාමා මහතා ද ජනාධිපතිවරයා අසලටම පැමිණ සිය සුභාශීංසන පළ කළහ.
     
    ශ්‍රී ලංකාව දෙස නැවුම් මුහුණුවරකින් බලමින් ශ්‍රි ලංකාවේ ඉදිරි ගමන් මග වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බව මෙහිදී එම රාජ්‍ය නායකයින් ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළහ.
     
    අනතුරුව ජී 7 සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයින් හත්දෙනා සහ එම සමගාමී සමුළුවට ආරාධනා ලැබූ රාජ්‍ය නායකයින් මෙන්ම ප්‍රධාන නියෝජිතයින් සමූහ ඡායාරූපයකට ද එක් වූ අතර එහිදී ද ප්‍රංශ ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නායකයින් සහ ප්‍රධාන පෙළේ නියෝජිතයින්  ජනාධිපතිතුමා සමඟ සුහද කතා බහක නිරත වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya