මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට නව සංවර්ධන දිශානතියකට යොමු කිරීම නව රජයේ අරමුණියි- ජනපති

    මැයි 28, 2016

    සාමයට සහ සෞභාග්‍යයට ඇති හොඳම මාර්ගය විවර කරමින් ශී‍්‍ර ලංකාව නව සංවර්ධන දිශානතියක් කරා මෙහයවීම නව රජයේ අරමුණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

    ජී-7 හෙවත් ප‍්‍රධාන කාර්මික රටවල් හතේ කණ්ඩායම් රාජ්‍ය නායක සමුළුවේ සමගාමී සමුළුව ඊයේ (27) පෙරවරුවේ ජපානයේ ඉෂි-සිමා නගරයේදී ආරම්භ කෙරුණු අතර එම සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

    ශී‍්‍ර ලංකා රාජ්‍ය නායකයෙකුගේ පළමු සහභාගිත්වය මෙම සමුළුව තුළ කැපී පෙනෙන සිදුවීමක් විය.

    පැවති පාලනයේ විප්ලවකාරී වෙනසක් සිදු කරමින් ජීව සංවර්ධනයක් ඇති පරිසරයක් ගොඩනැගීමට සහ විවිධ මුහුණුවරවලින් යුක්තවූ සමාජය තුළ සංහිඳියාව නිර්මාණය කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළේය.

    රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතියේ ආධිපත්‍ය මෙන්ම යහපාලනය ශක්තිමත් කිරීම සඳහා රජය ගෙන ඇති පියවර පිළිබඳව ද ජනාධිපතිතුමා ජී 7 සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයින් දැනුවත් කළේය.

    රටේ සියලු ජනතාවට ප‍්‍රතිලාභ අත්කරදෙන සංවර්ධන වැඩපිළිවෙළකට නව රජය අවතීර්ණ වී සිටින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එහි ඇති මූල්‍යමය ගැටලු මගහරවා ගැනීමට සංවර්ධිත රටවල සහාය අපේක්ෂා කරන බව ද කියා සිටියේය.

    බහු පාර්ශ්වීය මෙන්ම ද්වි පාර්ශ්වීය ආයෝජකයින්ට ශී‍්‍ර ලංකාවේ ආයෝජන අවස්ථා උදාවී තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා ජී 7 සමුළුවට එක්වූ රටවල අවධානය ශී‍්‍ර ලංකාව වැනි රටවල් කෙරෙහි ගැඹුරෙන් යොමු වුවහොත් සීමාවෙන් ඔබ්බට ගිය සංවර්ධනයක් එම රටවලට අත්කරගත හැකි බව ද කියා සිටියේය.

    ආසියාවේ ආර්ථික සංවර්ධනය හැසිරවීමේ පුළුල් සංවාදයකට ශී‍්‍ර ලංකාවේ සහභාගිත්වයේ වැදගත්කම කුමක්ද යන්න ජපාන අග‍්‍රාමාත්‍යවරයා ශී‍්‍ර ලංකාව පිළිබඳ සිදු කළ ප‍්‍රකාශනයෙන් පැහැදිළි වන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

    ජී 7 සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයින් හත් දෙනාගෙන් මෙන්ම ජී 7 සමගාමී සමුළුවට සහභාගීවූ රාජ්‍ය නායකයින්ගෙන් ලැබුණු උණුසුම් පිළිගැනීම සහ මිත‍්‍රත්වය වෙනුවෙන් ජනාධිපතිවරයා මෙහිදී සිය ස්තූතිය පුද කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya