අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපානයෙන් ශ‍්‍රී ලංකාවට යෙන් බිලියන 38 ක නිල සංවර්ධන ආධාරයක්

    මැයි 30, 2016

    වකුගඩු රෝගය නිවාරණය කිරීම සඳහා ජලය පිරිපහදු කිරීමේ ව්‍යාපෘතීන් හා සමස්ත ශ‍්‍රී ලංකාවම සම්බන්ධ කෙරෙන විදුලි සම්පේ‍්‍රෂණ පහසුකම් ස්ථාපනය කිරීමට ජපානයෙන් ශ‍්‍රී ලංකාවට යෙන් බිලියන 38 ක නිල සංවර්ධන ආධාරයක් පිරිනැමීමට එකඟතාවය පළ කෙරිණි.

    ජපානයේ ඉසෙෂිමාහි පැවති ජී – 7 සමගාමී සමුළුවේදී ආසියාවේ හඬ ඉස්මතු කිරීමත් බටහිර ජාතීන්ට ආසියානු දෘෂ්ඨි කෝණය පිළිබඳව පැහැදිලි කිරීමත් වෙනුවෙන් ජපාන අගමැතිවරයා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාට සිය ස්තූතිය පළ කළේය.

    ජපාන අගමැති ෂින්සෝ අබේ (Shinzo Abe) හා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා මැයි 28 ජපානයේ නගෝයාහි දී පැවැත්විණි.

    ඉන්දියානු සාගරය තුළ ශ‍්‍රී ලංකාවේ උපාය මාර්ගික පිහිටීම නිසා ශ‍්‍රී ලංකාවේ සංවර්ධනය හා එහි කලාපීය සම්බන්ධතාව ශක්තිමත් කිරීම සමස්ත කලාපයේම සෞභාග්‍යය පිණිස තීරණාත්මක වැදගත්කමකින් යුක්ත වීම පිළිබඳව රාජ්‍ය නායකයින් දෙපළ අදහස් හුවමාරු කර ගත්හ. ජපානය හා ශ‍්‍රී ලංකාව අතර පුළුල් සබඳතාව හා ගුණාත්මක යටිතල පහසුකම් සඳහා වූ සහයෝගීතාව ශක්තිමත් කර ගත යුතු බවට ඔවුහු ප‍්‍රතිඥා කර ගත්හ.

    ආර්ථික සහයෝගීතාව

    ශ‍්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය තවදුරටත් ඉහළ නැංවීමට උතුරු මැද හා නැගෙනහිර පළාත්වල විදුලි සම්පේ‍්‍රෂණ මාර්ග ඉදිකිරීමටත්, උතුරු මැද පළාතට ජල සැපයුම් පහසුකම් සැපයීමටත් යෙන් බිලියන 38 ක නිල සංවර්ධන ආධාරයක් (Official Development Assistance – ODA) ශ‍්‍රී ලංකාවට ලබාදීමට ජපාන අගමැතිවරයා සිය කැමැත්ත පළ කළේය.

    ශ‍්‍රී ලංකාවේ ජාතික සංවර්ධනයට දායක වීම සඳහා වූ කැමැත්ත පළ කරමින් ලංකාවට සංවර්ධන ප‍්‍රතිපත්ති ණය (Development Policy Loan) සැපයීම පිළිබඳව ධනාත්මකව සලකා බැලීමට ජපාන අගමැතිවරයාගේ කැමැත්ත පළ කෙරිණි. සර්ව ආර්ථිකයෙහි හා පොදු මුල්‍ය කළමනාකරණයට මෙන්ම පෞද්ගලික අංශය ප‍්‍රවර්ධනය කිරීමට මෙය උපකාරී වනු ඇත.

    කලාපය සඳහා ඉහළ යන ඉල්ලූමත් සීඝ‍්‍ර වර්ධනයත් සඳහා හේතු වන ඉන්දියානු සාගරයේ ප‍්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස ශ‍්‍රී ලංකාවේ වරාය සංවර්ධනය කිරීමේ වැදගත්කමත් ජපාන හා ශ‍්‍රී ලංකා නායකයින් දෙපළ මෙහිදී අවබෝධ කර ගත්හ. මේ සම්බන්ධයෙන් ජපානය මෙතෙක් දුරට සපයා ඇති සහයෝගය ජනාධිපතිතුමා මෙහිදී ඇගයීමට ලක් කළේය. කොළඹ වරායේ සංවර්ධනයත් පොදු හා පෞද්ගලික අංශයන්ගේ සහයෝගය යටතේ පවතින එහි වටපිටාවත් පිළිබඳ ජපානයේ සහයෝගය සජීවී ලෙස දිගටම පවත්වාගෙන යන බව මෙහිදී ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා පැවසීය. කොළඹ උතුරු වරායේ කේන්ද්‍රය හා එහි වටපිටාව සංවර්ධනය මෙන්ම ත‍්‍රිකුණාමල වරාය සංවර්ධනයට අවශ්‍යතා මෙන්ම මනා සංවිධානාත්මක බව අධ්‍යයනය කිරීමට සමීක්ෂණ කණ්ඩායම් එවීම සඳහා ඔහු තුළ ඇති අපේක්ෂාව ද මෙහිදී ජපාන අගමැතිවරයා ප‍්‍රකාශ කළේය.

    සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීම සඳහා අවධානය යොමු කරන අතරම ඓතිහාසික නුවර පුරවරයේ නාගරික සංවර්ධනයට හේතු වන මහනුවර සංවර්ධන ප‍්‍රධාන සැලැස්මට සහයෝගය දැක්වීමට ජපානය ගෙන ඇති තීරණය ද මෙහිදී ජපාන අගමැතිවරයා ප‍්‍රකාශයට පත් කළේය. ඒ සඳහා අධ්‍යාපන කණ්ඩායමක් එවීමට ද ඔහු කැමැත්ත පළ කළේය.

    ජපානය විසින් සපයන සහයෝගය ජනාධිපතිතුමා මෙහිදී අගය කළේය.

    ජපාන ක‍්‍රමයට අනුව ඩිජිටල් භෞමික රූපවාහිනී විකාශය (Digital Terrestrial Television Broadcasting – DTTB) යොදා ගැනීමට ශ‍්‍රී ලංකාව ගත් තීරණය පිළිබඳව රාජ්‍ය නායකයින් දෙදෙනාම සතුට පළ කළහ.

    ව්‍යාපෘතිය ආරම්භ කිරීම හා ජූනි මාසයේ පළමු හමුව පැවැත්වීමට පහසුකම් සැපයීමට දෙපාර්ශවය නියෝජනය කෙරෙන හවුල් කමිටුවක් ස්ථාපනය කිරීම ඇතුළත්ව DTTB ජපාන ක‍්‍රමයේ පහසු ස්ථානගත කිරීම සහතික කිරීමට රටවල් දෙකෙහි කටයුතුවල ප‍්‍රගතිය සම්බන්ධයෙන් ද ඔවුහු සතුට පළ කළහ.

    DTTB තාක්ෂණය ආරම්භ කිරීම පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට පවරා ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහිදී පැවසීය.

    සාමූද්‍රික සහයෝගීතාව

    රටවල් දෙකෙහි විදේශ අමාත්‍යාංශයන්ගේ ජ්‍යෙෂ්ඨ නිලයන්ගේ මට්ටමින් වූ ප‍්‍රතිපත්ති සාකච්ඡාවේ පළමු වටයේ රැස්වීම කැඳවීම පිළිබඳවත් නීතියේ ආධිපත්‍යය මත පදනම් වූ මහ මුහුදෙහි හා සමුද්‍ර පාර්යාන්තයෙහි ස්වාධීනත්වය පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳ මෙම සාමුද්‍රික රටවල් නැවතත් ප‍්‍රතිඥා දී ගත් 2016 ජනවාරි 16 කොළඹ දී පැවති සාමුද්‍රික ආරක්ෂාව සුරක්ෂිතතාවය හා සමුද්‍ර ගැටලූ පිළිබඳ ශ‍්‍රී ලංකා ජපාන ආරම්භක සාකච්ඡුාව පිළිබඳ සතුට පළ කළා.

    රටවල් දෙක අතර සාමුද්‍රික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අංගයක් ලෙස සාමුද්‍රික සුරක්ෂිතතා ශක්‍යතා වර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ ස්ථිර ප‍්‍රගතියෙහි වැදගත්කම මොවුහු හඳුනා ගත්හ. (ආසන්න වශයෙන් යෙන් බිලියන 1.8 ක් වැය වන මෙම ව්‍යාපෘතියට මුර සංචාර යාත‍්‍රා (Patrol Vessels) දෙකක් ද ඇතුළත් වනු ඇත.

    ජාතික සංහිඳියාව හා සාමය ගොඩනැගීම

    රාජ්‍ය නායකයින් දෙදෙනාම දැනට සිදු කෙරෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ ජාතික සංහිඳියා වැඩපිළිවෙළෙහි වැදගත්කම හඳුනා ගත්හ. 2016 මැයි 18 වැනිදා යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම අධ්‍යයනාංශයත් (යෙන් බිලියන 1.) වටිනාකමකින් යුක්ත පර්යේෂණ හා පුහුණු ආයතනයක් පිහිටුවීමේ ව්‍යාපෘතිය පිළිබඳව ද අදහස් හුවමාරු කර ගත්හ. මොටෝ නොගුචි (Motoo Noguchi) මහතාගේ දායකත්වය ද ඇතුළත්ව ජාතික සංහිඳියාව පිළිබඳව ශ‍්‍රී ලංකාව දරන ප‍්‍රයත්නවලට නිරන්තර සහයෝගය ලබා දෙන බව ද මෙහිදී ජපාන අගමැතිවරයා ප‍්‍රකාශ කළේය.

    ශ‍්‍රී ලංකාව හා ජපානය අතර පුළුල් සබඳතාවක් පිළිබඳ ඒකාබද්ධ ප‍්‍රකාශනය කඩිනමින් ක‍්‍රියාවට නැංවීම සහතික කිරීමට හා ආර්ථික සංවර්ධනය, සාමුද්‍රික ආරක්ෂාව, ජාතික සංහිඳියාව හා සාමය ගොඩනැගීම යන ක්ෂේත‍්‍රයන්හි ස්ථිර සහයෝගීතාවක් ප‍්‍රවර්ධනය කිරීමට ඒකාබද්ධව කමිටුවක් පිහිටුවීමට නායකයින් දෙදෙන කථිකා කර ගත්හ.

    ජනාධිපති මාධ්‍ය ඒකකය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya