මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එදා මුදල් ලබා නොදුන් රටවල් පවා අද මුදල් ප්‍රදානය කරන්න පටන් ගෙන තිබෙනවා

    මැයි 19, 2016

    අතිගරු ජනාධිපතිතුමාගේ,අග්‍රාමාත්‍යතුමාගේ සුසංයෝගය නිසා ශ්‍රී ලංකාවට විශේෂ තැනක් ලැබී තිබෙන බවත්  එදා මුදල් ලබා නොදුන් රටවල් පවා අද මුදල් ප්‍රදානය කරන්න පටන් ගෙන තිබෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.


    මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකු ගිවිසුම (අපරානුමත කිරීමේ ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ආරම්භ කරමිනි.

     

    අතිගරු ජනාධිපතිතුමාගේ,අග්‍රාමාත්‍යතුමාගේ සුසංයෝගය නිසා ලොකයේ තත්ත්වය වෙනස් වී තිබෙනවා.එදා මුදල් ලබා නොදුන් රටවල් පවා අද මුදල් ප්‍රදානය කරන්න පටන් ගෙන තිබෙනවා.

     

    ජපනය ඊයේ  ඇමෙරිකානු ඩොලර් 3500ක මූල්‍ය ප්‍රදානයක් ලබාදීමට කටයුතු කළා. පසුගිය කාලෙ ලබාගෙන තිබුණේ සියයට 7-8% පොළියට වාණිජ ණයයි.මෙයි දකින්නට ලැබෙන්නේ එදා විදේශ ප්‍රතිපත්තිය. අපිට ලැබෙන්නේ සියයට 0.05 ණය ප්‍රදානයක්. සියයට 7%ම ඉතුරුයි. ඒ ඉතුරු වී තිබෙන්නේ, බුදු ගෙවන්නන්ගේ මුදල්. මෙය අනුමත වුවහොත් මිලියන 1000ක් ගන්න පුළුවන් වෙනවා.

    අපට අපේ අනාගතයට ප්‍රාග්ධන වියදමට සල්ලිවල කිසිම බාධාවක් නෑ.මේතාක් දුර ලැබුණේ නැති සල්ලි ආන්ඩුවේ වැඩපිළිවෙල තුළ ලැබෙනවා. අප සියලු වාණිජ ණය නවත්වා තිබෙනවා. ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ සුසංයෝගය තුළ ශ්‍රී ලංකාවට විශේෂ තැනක් ලැබී තිබෙනවා යැයි ද පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya