මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිපූරක ඇස්තමේන්තුවට උණුසුම් වාදයක්

    මැයි 19, 2016

    පසුගිය මැයි 05 දින විවාදයට ගත් පරිපූරක ඇස්තමේන්තුව සම්බන්ධයෙන් අද (19) පාර්ලිමේන්තුවේ යළි උණුසුම් වාදයක් ඇතිවිය.

    පරිපූරක ඇස්තමේන්තුව සඳහා ඡන්ද විමසීමක් පසුගිය පහ දින සිදු කළ අතර ඉන්අනතුරුව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ඡන්ද ප්‍රතිඵලය වැරදි බව පවසා විරෝධතා දැක්වීය.

    විවාදයට ගත් පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳව  එකී යෝජනාව නැවත ඡන්ද විමසීමකට යොමු කළ යුතු බවට යෝජනාවක් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් වූ අතර ඒ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විමසා සිටියේ ය.


    ඉන් අනතුරුව සභාවේ මන්ත්‍රීවරු අතර උණුසුම් විවාදයක් ආරම්භ විය. එහිදී අඳහස් දැක්වූ  කතානායක කරූ ජයසූරිය මහතා සඳහන් කළේ, මේ පිළිබඳව පක්ෂ නායක රැස්වීමේ දී සාකච්ඡා කොට එකඟතාවකට පැමිණි බවයි.මේ පිළිබඳව හැකිතාක් දුරට සාධරණයක් ඉටු වූ බවද කතානායකවරයා සඳහන් කළේ ය. මෙහිදී අඳහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අඳහස් දැක්වීම ආරම්භ කළේ ය.''මේ ප්‍රශ්නය තුළ ආණ්ඩුවට දැඩි ස්ථාවරයක ඉන්න තිබුණා. අපි එලෙස හිටියේ නෑ.චණ්ඩිවගේ හැසිරෙන්න බෑ.සභාවේ හැසිරෙන්න දන්නේ නැත්නම් සභාවෙන් ඉවත් කළ යුතුයි යැයි ද පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya