මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''ජනපතිට කියන්න'' වැඩසටහනට පැමිණිලි 1200 ක්

    මැයි 19, 2016

    දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව කිසිදු රාජ්‍ය නිලධාරියෙකුගේ ක්ෂේත‍්‍ර පරික්ෂාවකට ලක් නොවූ ස්ථාන තිබේනම් ඒ පිළිබඳ 1919 දුකරථන අංකය ඔස්සේ ‘ජනපතිට කියන්න’ වැඩසටහනට දැනුම් දෙන ලෙස ජනාධිපතිතුමා විසින් ඉල්ලීමක් කරන ලදී.

    ඒ අනුව   (17) රාතී‍්‍ර 08.00 න් පසුව පැය 18 ක පමණ කාලය තුළ 1919 දුරකථන අංකය ඔස්සේ පැමිණිලි 1200 ක් පමණ ජනපතිට කියන්න වැඩසටහනට ලැබී තිබේ.

    එම සියලූ පැමිණිලි පිළිබඳ මේ වන විට ජනාධිපති ලේකම්තුමාගේ ඝෘජු උපදෙස් පරිදි අදාළ අංශ දැනුවත් කරමින් අවශ්‍ය සහන කටයුතු කි‍්‍රයාත්මක කර තිබෙන අතර ගංවතුර තත්ත්වය පහව යන තුරු මෙම සේවාව කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.

    pmdnews

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya