මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපිට කිසිවක් පුද්ගලීකරණය කරන්න අවශ්‍ය නැහැ

    මැයි 18, 2016

    අපිට කිසිවක් පුද්ගලීකරණය කරන්න අවශ්‍ය නැහැ.ට්‍රිලියනයක ණයක් ගැන සොයන්න තිබෙනවා.ඒ සඳහා  තේරීම් කාරක සභාවක් පත් කරමු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  (18) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන් පැවැති කල්තබන ලද විවාදයේ අඳහස් දක්වමිනි.


    හැම බැදුම්කරයක් නිකුත් කරාම අවසන් වාර්තාව මූල්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීම අවශ්‍යයි.විදෙශ විනිමය පිළිබඳ වාර්තා එයට ලබා දිය යුතුයි.සෑම මසකම තුන් වරක් ඒ පිළිබඳ වාර්තා ආර්ථීක කාරක සභාවට ඉදිරිපත් කළ යුතුයි.තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කළාම කරුණු හෙළි දරව් වෙනවා. මේ පනත වසර 10ක් වහගෙන තියා ගත්තා.අපිට කිසිවක් පුද්ගලීකරණය කරන්න අවශ්‍ය නැහැ. 2001 අපි රජය භාරගන්න විට ශ්‍රී ලන්කන් ආයතනය ලාභ ලබලා තිබුණා. ශ්‍රී ලන්කන් ආයතනය 2008 තෙක් ලාභ ලැබුවා.ඇයි මෙය හදිසියේ අහෝසි කළේ.එය මිහින් ලංකා ලෙස කඩා දැම්මා.2010-2011 මිලියන 202ක්,2011-12 මිලියන 17.8ක්,2013-14 මිලියන මිලියන 26.8ක්,2014-15 මිලියන 16.3ක් 2015අලාභය මිලියන 8කට අඩු කර තිබෙනවා.හම්බන්තොට කොළඹ ආරම්භ කළ ගුවන්සේවයෙන් මිලියන 48ක් පාඩුයි.

    2014-15 මිලියන 36ක් අලාභ ලැබුවා.2016 මාලදිවයින බෙම්බාය ගුවන් ගමන් ලාභ ලබමින් තිබෙනවා.යුරෝපයේ බිලියන 79ක් නැති වුණා.2013-14 බිලියන 247ක් නැති වුණා.සුවිශේෂී අමුත්තන් සඳහා මිලියන 858ක් වැය කර තිබෙනවා.ඉන් මිලියන 113ක් තවම ගෙවා නැහැ.ගමන් වාර 39ක් ගමන් කර තිබෙනවා වගේම මේ ගමන් වාර සඳහා අමතර ගුවන් යානාද රැගෙන ගොස් තිබෙනවා.ඉන් ලැබූ පාඩුව මිලියන 291.7ක්.2006 හම්බන්තොට පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උත්සවයට ගුවන් යානා  යෙදවීමෙන් රුපියල් ලක්ෂ 4ක් තවම ගෙවා නැහැ. ඒ 350 මිලදී ගත්තේ මොන විදියටද?.

    අදාළ එයාර් බස් සමාගමෙන් එයාර් ලංකා සමාගම අනවුම් කරන ලද සුඛොපභෝගී යානයේ විස්තර සඳහන් ලිපියක් සභාගත කරමින් එම ලිපියේ සඳහන් විස්තර අතුළත් ලිපිය අග්‍රාමාත්‍යවරයා සභාවට ඉදිරිපත් කළේ ය.
    එහි ඇති ඡායාරූප සභාවට පෙන්වීය.

    මෙම ඡායාරූපවල  ඩබල් සයිඩ් ඇඳවල් පවා තිබෙනවා.ශ්‍රී ලන්කන් එකේ වසර 10 සිදු වුන මුදල් නාස්තිය ගැන එක කතුවැකියක් ලියන්න.මම අභියෝග කරනවා.මේවා ගැන දැනගෙනත් වැට් ගැන කතා කරනවා නම් කමක් නැහැ.

    මේ ලිපිය මම හැන්සාර්ඩ් ගත කරනවා.රජතුමා සමග එකට එකතු වී කාපු නිසා ඒ බිල පෙන්නයි කියලා බයට මුකුත් කියන්න බැහැ.ශ්‍රී ලන්කන් එකේ වසර 10 සිදු වුන මුදල් නාස්තිය ගැන එක කතුවැකියක් ලියන්න.ගත් ණය සිදු කළ වංචා වැරදියි කියලා ලියන්න ආත්ම ශක්තියක් තිබෙනවාද? මම අභියෝග කරනවා.ලබන සතියේ මේ ගැන එක ලිපියක් එක් මාධ්‍යයකින් පල කරන්න.මේවා ගන දැනගෙන් වැට් ගැන කතා කරනවා නම් කමක් නැහැ.ඒ 330 ගුවන් යානයෙන් ප්‍රභූන්ට ලිපියක් එවමින් එහි ඇති සුඛෝපභෝගී තත්ත්වයන් ඇති සුවපහසු ඇඳන් ගැන දන්වා තිබෙනවා.එහි පැමිණි විනෝද වෙන ලෙස ලියා තිබෙනවා.
    මහබැංකුවේ වත් මෙවැනි ඇඳන් නැහැ.කාරක සභා අවශ්‍ය මේ නිසයි.රාවණාවත් සීතා ගෙන යාමට මෙවැනි සුව පහසු යානා භාවිතා කර නැතිව ඇති.ට්‍රිලියනයක ණයක් ගැන සොයන්න තිබෙනවා.ඒ සඳහා  තේරීම් කාරක සභාවක් පත් කරමු යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya