මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවතැන්වූවන්ගේ සුවදුක් බැලීමට ජනපති අරණායකට පැමිණෙයි

    මැයි 18, 2016

    අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (17) අරණායක, එළගිපිටිය ප්‍රදේශයේ සිදු වූ නායයෑමෙන් අවතැන් වූ ජනතාවගේ සුවදුක් බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) පස්වරුවේ එම ප්‍රදේශයට පැමිණියේය.


    ජනාධිපතිතුමා ප්‍රථමයෙන් නාය යෑමට ලක් වූ ප්‍රදේශයට ගොස් අදාළ සිද්ධිය සියැසින් දැක බලා ගත්තේය. පසුව සිද්ධියෙන් අවතැන්ව කඳවුරුගත ජනතාවගේ සුවදුක් විමසමින් ජනතාවගේ අවශ්‍යතාවන් පිළිබඳව විමසා බැලීමට ද ජනාධිපතිතුමා කටයුතු ක‍ළ බව කෑගල්ල අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පැවසීය.

    මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය ලලිත් දිසානායක, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. එච්. අබේවික්‍රම වනසූරිය යන මහත්වරු එක්ව සිටියහ.

    he kegalle 1


    he kegalle 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya