මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩුව රණවිරු දඩයමකට සූදානම් වනවායැයි කරන චෝදනා පිටුපස සිටින්නේ එදා බොරු චෝදනා මත රණවිරුවන් සිරගත කළ උදවියයි

    මැයි 19, 2016

    ආණ්ඩුව රණවිරු දඩයමකට සූදානම් වනවායැයි කරන චෝදනා පිටුපස සිටින්නේ එදා බොරු චෝදනා මත රණවිරුවන් සිරගත කළ උදවියයි – ජනපති ජාතික රණවිරු සැමරුම් උත්සවය අමතමින් කියයි.

    ආණ්ඩුව රණවිරු දඩයමකට සූදානම් වනවායැයි කරන චෝදනා පිටුපස සිටින්නේ එදා බොරු චෝදනා මත රණවිරුවන් සිරගත කළ උදවියම බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ, (18) පස්වරුවේ බත්තරමුල්ල පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස පැවති 2016 ජාතික රණවිරු සැමරුම් උත්සවය අමතමිනි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ මාතෘ භූමියේ ඒකීය භාවය වෙනුවෙන් ජීවිත පූජා කළ වීරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමට රජය නිරන්තරයෙන්ම කටයුතු කරන අතරම ආබධිත රණවිරුවන්ගේ මෙන්ම රණවිරු පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් ද කැපවී සිටින බවයි.

    2015 ජනවාරී 08 වනදා මේ රටේ ජනතාව නව රජය බලයට පත් කර ගත්තේ නැවත මේ රටේ යුද්ධයක් ඇතිවීම වළක්වමින් පශ්චාත් යුධ සමයක ඉටුකළ යුතු වගකීම් නිසි ලෙස ඉටු කිරීමට බව ද ජනාධිපතිතුමා මෙහිදී ස`දහන් කළේය.

    ඒ අනුව නව රජය මේ වන විට ඉටු කරමින් සිටින්නේ ජාතික සංහිඳීයා පිළිවෙත ශක්තිමත් කරමින් නැවත රට තුළ යුද්ධයක් ඇතිවීම වැළැක්වීමේ මහඟු වගකීම සහ යුතුකම බව ජනාධිතිතුමා සඳහන් කළේය.

    යුද්ධය භෞතික වශයෙන් පරාජය කිරීමෙන් පසු පශ්චාත් යුධ සමයක ඉටුකළ යුතු වගකීම් ඉටු කරමින් ජනතාවගේ සිත් අධ්‍යාත්මික වශයෙන් එක් කිරීමේ වගකීම පහසු කාර්යයක් නොවන බවද ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ජාතික සංහි`දියා වැඩපිළිවෙල ශක්තිමත් කර ගැනීමට දේශපාලනඥයින්, රණවිරුවන් මෙන්ම සමස්ථ රටවාසී ජනතාවම ඒකරාශී විය යුතු බව ද කියා සිටියේය.

    රණවිරු ස්මාරකය වෙත මල් කළඹක් තැන්පත් කර ඊට පුෂ්පෝපහාර දැක්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

    මහා සංඝරත්නය ප‍්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරු ද, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ඇතුළු ති‍්‍රවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිතුමා ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානින් ද, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය ඇතුළු එහි සාමාජික සාමාජිකාවන් ද, රණවිරු දෙමාපියන්, බිරින්දෑවරුන් ඇතුළු ඥාතීන් මීට එක්ව සිටියහ.

     

    pmdnews

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya