මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අසරණ වූ ජනතාව පිළිබඳ සමස්ත පාර්ලිමේන්තුවේ ම දැඩි අවධනය- දැඩි කනගාටුව හා සංවේගය

    මැයි 18, 2016

    ආපදා තත්ත්වය හේතුවෙන් අසරණ වූ ජනතාවගේ අපහසුතවයන් පිළිබඳ සමස්ත පාර්ලිමේන්තුවේ ම දැඩි අවධනය යොමු වී ඇති බවත් මෙම බරපතල ව්‍යසන තත්ත්වය පිළිබඳව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැඩි කනගාටුව හා සංවේගය පළ කරනු ලබන බව  කතානායක කරූ ජයසූරිය මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී විශේෂ නිවේදනයක්  කරමින්  පැවසී ය.


    පසුගිය දින කිහිපය පුරා අප රටේ සෑම ප්‍රදේශයකම ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන බරපතල ගංවතුර තත්ත්වය,නායයෑම්, පස්කදු කඩාවැටීම්,මාර්ග හානියට පත්වීම් හා වෙනත් විවිධ වූ  ස්වාභාවික ආපදාවන් හේතුවෙන් සමස්ත දිවයින පුරාම ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට තමන් පදිංචිව සිටි තැන් පවා අහිමිව අවතැන් වී දැඩි දුෂ්කරතාවන්ට හා සාමාන්‍ය ජන ජීවිතයේ නොසන්සුන් තත්ත්වයකට පත් වී සිටින බව ඉතාමත් සංවේදීව හා සංවේගයෙන් සිහිපත් කරමි.


    අසරණ වූ ජනතාවගේ අපහසුතවයන් පිළිබඳ සමස්ත පාර්ලිමේන්තුවේ ම දැඩි අවධනය යොමු වී ඇති බවත් මෙම බරපතල ව්‍යසන තත්ත්වය පිළිබඳව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැඩි කනගාටුව හා සංවේගය පළ කරනු ලබන බවත් දැනුම් දීමට කැමැත්තෙමි.


    ශ්‍රී ලාංකික ජනතාව විසින් මුහුණපා ඇති මෙම ගැටළුකාරී තත්ත්වය හැකි විගස නිමාවට පත් වී ඔවුන් සැම දෙනාගේම සාමාන්‍ය ජන ජීවිතය කඩිනමින් යථා තත්ත්වයට පත්වනු ඇතැයි ඉත සිටින් යුතුව ප්‍රාර්ථනා කරමි යැයි ද කතානායකවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya