මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ගුවන් සේවයේ අයිතිය කිසිවිටක බාල කරන්න ඉඩ දෙන්නේ නෑ

    මැයි 18, 2016

    ජාතික ගුවන් සේවයේ අයිතිය කිසිවිටක බාල කරන්න ඉඩ දෙන්නේ නෑ. කුණු කොල්ලයට විකිණීමට අවශ්‍ය වන්නේ නෑ යැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    මුදල් අමාත්‍යවරයා මේ බව අද (18) ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳව කල්තැබූ විවාදයේ අඳහස් දක්වමිනි.

     

    රටට ජාතික ගුවන් සේවයක් අවශ්‍යයි.ජනාධිපතිතුමා, අගමැතිතුමා මේ ගැන හොඳ අවබෝධයකින් සිටිනවා. අපි රටේ අභිවෘද්ධියට මිසක් පුද්ගලයන් කීපදෙනෙකුගේ පෞද්ගලික තෘප්තියට කටයුතු කරන්නේ නෑ. අප ශ්‍රී ලංකන් ගුවන් සේවය ඵලදායී වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතුයි. එය කළ හැක්කේ නිර්දේශපාලනය තුළයි.

    සේවාව පිරිහී යන බව පෙනෙන්නට තිබෙනවා. දේශපාලන ඇගිලි ගැසීම් නිසා මෙවැනි තත්ත්වයක් ඇති වුණා.අපි රුපියල් 16ක්වත් අලාභයක් වෙන්න ඉඩ දෙන්නේ නෑ. අපේ ප්‍රතිපත්තිය ඕපන් ස්කයි ප්‍රතිපත්තියයි. කාටත් එන්න පුළුවන්.

    ජාතික ගුවන් සේවයේ අයිතිය කිසිවිටෙක බාල කරන්න ඉඩ දෙන්නේ නෑ. කුණු කොල්ලයට විකිණීමට අවශ්‍ය වන්නේ නෑ.


    මුදල් අමාත්‍යාංශයේ ෆයිල් එකක් හොයන්න නෑ.දැන් තයි දන්නේ සිදු වූ දේවල්.මේ අලාභය සිදු වී තිබෙන්නේ බදු ගෙවන්නේ නැතිව.  සුදු අලියා වැඩකරන අලියෙක් බවට පත් කරනවා. දැන් තමයි මේවා ඇති කරගෙන යන්නේ.රාජපක්ෂ පාලනය පාලමක් හදනවා ගඟක් නැති තැනක.ඕකයි වුණේ.අද යටවෙන්නේ පුරවල කරපු දේවල් නිසයි.සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමාට සල්ලි මදි නම් අපි තවත් වෙන් කරනවා.ශ්‍රී ලංකන් ආයතනයේ අලාභ නොව, ප්‍රමුඛත්වය අනුව ප්‍රාග්ධනය ලබාදීමයි කරන්නේ.ශ්‍රී ලංකන් ආයතනයට අපි පරිපාලනය හරි ගස්සනවා.අපේ ආණ්ඩුවට පව් ගෙවන්න වෙලා. රට හදන්න පුළුවන් හොඳම අවස්ථාව මෙයයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එකතුවෙලා මේ රට හදනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya