මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකශයට පත් කිරීමට කළ ඉල්ලීම ගැන අවධානය යොමු කරනවා

    මැයි 18, 2016

    රටේ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකශයට පත් කිරීම සම්බන්ධයෙන් කළ ඉල්ලීම පිළිබඳව අවධානය යොමු කරන බව සභානයක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් රටේ ඇති වී තිබෙන ආපදා තත්ත්වය අවධානයට යොමු කර හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේ ය.


    එයට පිළිතුරු දුන් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිදු කළ ඉල්ලීම පිළිබඳව අවධානය යොමු කරන බව පැවසී ය. ආපදා තත්ත්වය පිළිබඳව කැබිනට් මණ්ඩලය සාකච්ඡ කළ බවත් අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට රජය සූදානම් බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya