මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනවසර පතල් කැණීම් වැටලීමට විශේෂ පොලිස් කණ්ඩායමක්

    මැයි 06, 2016

    දැඩි පරිසර විනාශයක් සිදු කරමින් දිවයිනේ විවිධ ප‍්‍රදේශවල සිදුවන අනවසර පතල් කැණීම් වැටලීමට පොලිස්පතිවරයා යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් යෙදවීමට ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දුන්නේය.

    භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීම, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ කොළඹ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේය.

    සාගරය හා සම්බන්ධ සියලු සම්පත්වල අයිතිය සම්බන්ධයෙන් කි‍්‍රයාත්මකවීමට බලය හිමි ආයතනයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු විය.

    දිවයින පුරා සිදුකෙරෙන අනවසර පතල් කැණීම් සඳහා තරාතිරම නොබලා නීතිය කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපතිතුමා උපදෙස් ලබා දී තිබෙන අතර එම කටයුතු වඩා ක‍්‍රමවත්ව කි‍්‍රයාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

    සංවර්ධන ව්‍යාපෘති ප‍්‍රමාදයකින් තොරව කරගෙන යාම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සහාය ප‍්‍රමාදයකින් තොරව ලබාදිමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා මෙහිදී නිලධාරින්ට පෙන්වා දුන්නේ ය.

    භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති කිත්සිරි දිසානායක, වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සජ්ජන ද සිල්වා යන මහත්වරුන් ඇතුළු මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ඉහළ නිලධාරිහු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    අනතුරුව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කාර්ය මණ්ඩලයේ අදහස් හා යෝජනා විමසන හමුවකට ද ජනාධිපතිතුමා එක් විය.

    වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු සියලු කාර්ය මණ්ඩල මෙම හමුවට එක්ව සිටි අතර ඔවුන් ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ මහපොළව පිළිබඳ ව්‍යවස්ථාපිත අයිතිය හිමි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වෙත මහපොළව සහ සොබාදහම රැක ගැනීම වෙනුවෙන් මහගු වගකීමක් පැවරී තිබෙන බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya