මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විද්‍යාපීඨවලට පත් කිරීමේ දී කිසිදු දේශපාලනයක් මැදිහත් කරගෙන නෑ

    මැයි 06, 2016

    ගුරුවරු පත් කිරීමේ දී විද්‍යාපීඨවලට පත් කිරීමේ දී කිසිදු දේශපාලනයක් මැදිහත් කරගෙන නැතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.


    විද්‍යාපීඨ සඳහා සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන්න් සාධාරණ ක්‍රමවේදයක් අනුගමනය කරන  යෝජනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයේ අඳහස් දක්වමින් අමත්‍යවරයා මේ බව පැවසී ය.


    දේශපාලනය හැම එකකම තිබෙනවා.කන බොන එකේ ඉදලම දේශපාලනය තමයි තිබෙන්නේ.එහෙත් අධ්‍යාපනයට අපි දේශපාලනය ගෙනැල්ලා නෑ.විශේෂයෙන් ම අධ්‍යාපනයේ වැදගත්ම තැන්වලට. පැරණි ක්‍රමවේදයටම ගේන්න කියනවා. මොකක්ද මේ පැරණි ක්‍රමවේදය කියලා දන්නවද?පැරණි ක්‍රමවේදය තමයි, අධ්‍යාපන ඇමැතිවරයා,එන්න කියනවා නිලධාරීන්ට, කියනවා විද්‍යාපීඨ පත්වීම් ටික,පුරප්පාඩු 100ක් දාන්න කියනවා.මෙහෙම දාන්න කියනවා.මෙන්න පැරණි ක්‍රමවේදය.


    කොහොමද පත් කරගත්තේ කියලා අහලා බලන්න. ආපි හරියට කරන්න ගියාම අපි මෝඩයි කියලා හිතනව.අපි හැම එකක්ම ක්‍රමවේදයකට හදමින් යනවා.අපි නිදහස් අධ්‍යාපනයෙන් විශ්වවිද්‍යාලවලට ගිහින් ආපු නිසයි කැක්කුම තියෙන්නේ.වචනවලට සීමා වෙලා හරියන්නේ නෑ.කවුරුත් බැලුවද පැරණි ක්‍රමවේදයට මොකක්ද කරන්න යන්නේ කියලා.ඈත දුෂ්කර පළාත්වලට ගුරුවරු ඉන්නවද?ඒ අය හදාගෙන එන්නේ නැද්ද නගරවලට.පැරණි ක්‍රමවේදය ක්‍රියාත්මක වුණා සාර්ථක වුණද?සාර්ථක වුණානම් ඉන්න ඕනනේ දුෂ්කර පාසල්වල.

     

    පැරණි ක්‍රමවේදය ඉතා දූෂිත ක්‍රමවේදයක්.විද්‍යාපීඨ බදවා ගැනීමේ දී දේශපාලනය ගැවිලා කියනවා.බොහොම අවංකව කියනවා,ගුරුවරු පත් කිරීමේ දී විද්‍යාපීඨවලට පත් කිරීමේ දී කිසිදු දේශපාලනයක් මැදිහත් කරගෙන නෑ.එසේ කළා නම් පාපයක්.ඒ අයයි, රටේ අනාගතය හදන්නේ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya