මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවේ කටයුතු යළි ආරම්භ වෙයි

    මැයි 06, 2016

    පක්ෂ නායක රැස්වීමේ දී සාකච්ඡා කළ පරිදි සිවු පුද්ගල කමිටු වාර්තාව ඊළඟ පාර්ලිමේන්තු සැසිවාරයට පෙර ඉදිරිපත් කිරීමට යොජනා වූ බවත් ඊළඟ පක්ෂ නායක රැස්වීමේ දී ඉදිරි පියවර ගන්නා බවත් කතානායක කරූ ජයසූරිය මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

     

    තාවකාලිකව අත් හිටුවා තිබූ පාර්ලිමේන්තුවේ කටයුතු යළි ආරම්භ විය.

     

    පරිපූරක ඇස්තමේන්තුව ඡන්ද විමසීම සම්බන්ධයෙන් මතු කළ ගැටළුව සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට තීරණය කළ අතර  ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු තාකාලිකව අත් හිටවීමට කතානායකවරයා පියවර ගත්තේ ය.ගැටළුව පිළිබඳව සොයා බැලීමට කතානායකවරයා විසින් සිව් පුද්ගල කමිටුවක් පත් කළේ ය. යළි පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වූ අතර කතානායකවරයා විසින් අදාළ තීරණය සභාව වෙත දන්වා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya