මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සභාව නොමඟ යවන්න එපා- මුදල් රාජ්‍ය අමාත්‍ය

    මැයි 06, 2016

    පරිපූරක ඇස්තමේන්තුවෙන් කිසිම මිළඳී ගැනීමක් නොමැති බවත් සභාව නොමඟ නොයවන ලෙසත් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

     

    පාර්ලිමේන්තුවේ දී ඊයේ (05) සම්මත කළ පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳව විපක්ෂය විසින් මතු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.


    පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳව විපක්ෂය පාර්ලිමේන්තුව නොමඟ යැව්වා. ඇස්තමේන්තුව ලක්ෂ පන්සිය පනහයි.කිසිම විදියක මිලදී ගැනීමක් නෑ.සභාව නොමඟ යවන්න එපා යැයි අමාත්‍යවරය පැවසී ය.

    පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳව සිදු කළ ඡන්ද විමසීම සම්බන්ධයෙන් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු විසින් සිය අඳහස් දැක්වීම සිදු කළේ ය.


    සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා- ස්ථාවර නියෝග අනුව මූලාශනය ප්‍රථිඵලය ප්‍රකාශ කළාට පසුව එය අවසන්.තමුන්නාන්සේලා මේක වළක්වනව.

    විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා- ඡන්ද විමසීම පිළිබඳව විශ්වාසය බිඳෙනවා නම් කුමක් ගැනද විශ්වාස කරන්නේ?ප්‍රධාන දේ තමයි ඇස්තමේන්තුව සම්මත වී ඇත්ද්ද යන ප්‍රශ්නය.


    පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා- ඡන්දය විමසන අවස්ථාවේ ගැටළුවක් ඇති වුණා.ප්‍රථිඵලය වැරදි නම් එය ප්‍රකාශයට පත් කරන්න.

    අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා- නැවත  ගණන් කිරීමක් ඉල්ලා සිටිය හැක්කේ කතානායකවරයා බෙදීම ප්‍රකාශ කරන්න පෙරයි. එය පැහැදිලියි.

    කතානායක කරූ ජයසූරිය මහතා - අවධනය යොමු කළා. තීරණය දෙන්නම්

    පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා- ලේකම් තුමාගේ කාමරයට ගියාට  පීඩනයක් ඇති කළේ නෑ. නිලධාරීන් තුන්දෙනාම සිටියා.

    කතානයක කරූ ජයසූරිය මහතා- මම සාධාරණයක් ඉටු කරන්නම්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya