මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිපූරක ඇස්තමේන්තුව ඡන්ද විමසීම- ගැටළුව සාකච්ඡා කිරීමට පක්ෂ නායක රැස්වීමක්- සභාගැබේ කටයුතු තාවකාලිකව අත්හිටුවයි

    මැයි 06, 2016

    පාර්ලිමේන්තුවේ දී ඊයේ (05)  විවාදය කළ පරිපූරක ඇස්තමේන්තුව ඡන්ද විමසීම පිළිබඳව විපක්ෂය විසින් මතුකරන ගැටළුව සම්බන්ධයෙන් සොයා බැලීමට කතානායකවරයා විසින් සිවු පුද්ගල කමිටුවක් පත් කළ අතර ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කර තීරණයක් ලබදීමට පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට කතානායක කරූ ජයසූරිය මහතා විසින් තීරණය කළේ ය.


    පාර්ලිමේන්තුවේ දී පරිපූරක ඇස්තමේන්තුව සම්මත කිරීමේ දී සිදු කළ ඡන්ද ගණන් කිරීම සම්බන්ධයෙන් ඇති වූ බවට විපක්ෂයේ මන්ත්‍රීවරු ප්‍රකාශ කරන ගැටලු කාරී තත්ත්වය හේතුවෙන් අද (06) උදැසන පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ අතර පාර්ලිමේන්තුවේ කටයුතු කටයුතු විනාඩි පහකට කල්තැබීමට  කතානයක කරූ ජයසූරිය මහතා පියවර ගත්තේ ය.

     

    ඊයේ මුදල් පරිපූරක ඇස්තමේන්තුවක් විවාදයට ගැණුණු අතර එහිදී ඇස්තමේන්තුවට පක්ෂව ඡන්ද 33ක් හා විපක්ෂව ඡන්ද 31ක් ලැබිණි. ඒ අනුව මූලාශනය විසින් ඇස්තමේන්තුව සම්මත වූ බව ප්‍රකාශ කළේ ය.

     

    ඡන්ද ගණන් කිරීමේ දී ගැටළුවක් වූ බවට විපක්ෂයේ මන්ත්‍රීවරු විසින් දිගින් දිගටම කතානයකවරයා වෙත කරුණු දැක්විය. එහිදී නැගී සිටි සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ,ස්ථාවර නියෝග අනුව මූලාශනය විසින් ප්‍රකාශ කළාට පසුව එතැනින් එය අවසන් බවයි.

     

    මේ පිළිබඳව අඳහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ, විපක්ෂය පාර්ලිමේන්තුව නොමඟ යැවීමට කටයුතු කරන බවත් පරිපූරක ඇස්තමේන්තුවේ කිසිදු මිළදී ගැනීමක් නොමැති බවත් සඳහන් කළේ ය.


    මේ පිළිබඳව පරික්ෂා කිරීමට විපක්ෂ නායක ආර්. සම්බන්ධන්,අමාත්‍ය විජේදාස රාජපක්ෂ,අමාත්‍ය රාවුෆ් හකීම්, සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන බවත්  පක්ෂ නායක රැස්වීමෙන් පසුව මේ පිළිබඳව තීරණයක් ලබාදෙන බව කතානායක කරූ ජයසූරිය මහතා සභාව වෙත දැනුම් දුන්නේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya