මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණවිරු මාසය ප්‍රකාශයට පත්කරමින් ප්‍රථම සමරු කොඩිය ජනපතිට

    මැයි 06, 2016

    2016 ජාතික රණවිරු සමරු මාසය ප්‍රකාශයට පත් කරමින් එහි පළමු සමරු කොඩිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැලඳවීම ඊයේ (05) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

    දශක තුනකට අධික කාලයක් මෙරට පැවති ත්‍රස්තවාදය අවසන් කිරීමේ මානුෂීය මෙහෙයුමේදී සිය ජීවිතය මව්බිම වෙනුවෙන් පූජා කළ රණවිරුවන් සහ තම ශරීරාංග කැප කළ රණවිරුවන් සිහිපත් කිරීම මෙන්ම ඔවුන් වෙනුවෙන් කෘතගුණ සැලකීමේ අරමුණින් වාර්ෂිකව මෙම රණවිරු මාසය රජය විසින් ප්‍රකාශයට පත් කරන අතර එයට සමගාමීව රණවිරු කොඩි අලෙවිය ද සිදු වේ.

    රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් මෙහිදී පළමු සමරු කොඩිය ජනාධිපතිතුමා වෙත පැලඳවනු ලැබීය.

    පසුගිය වසරේ කොඩි අලෙවියෙන් ලද ආදායම පළාත් ආණ්ඩුකාරවරුන් විසින් ජනාධිපතිතුමා වෙත පිරිනැමීම ද සිදු කෙරිණි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් කළ හැකි ඉහළම ගෞරවය වන්නේ ඔවුන් රටට ලබාදුන් සාමය ස්ථීර සාර සාමයක් බවට පත් කිරීම බවයි.

    එමෙන්ම රණවිරු පවුල්වල සුබසාධන කටයුතු පුළුල් කිරීමට මෙන්ම ආරක්ෂක සේනාංකවල රාජකාරී කරන සියලුදෙනාගේ වරප්‍රසාද ශක්තිමත් කිරීමට රාජ්‍ය ප්‍රතිපත්තිය අනුවම වත්මන් රජය කැපවී සිටින බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

    පළාත් ආණ්ඩුකාරවරුන් සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් ද, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඒ.පී.ජී. කිත්සිරි යන මහත්වරු ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya