මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “සිසු දිවියට නව අරුතක්” වැඩසටහන් ජනපති එක්වෙයි

    මැයි 06, 2016

    ජාතික සංහිඳියාව පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීමේ “සිසු දිවියට නව අරුතක්” ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (05) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

    ජාතික සංහිඳියාව පාසලෙන් ඇරඹීමේ මූලික පියවරක් ලෙස මෙම වැඩසටහන ජාතික ඒකාබද්ධතා හා ප‍්‍රතිසන්ධාන අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබයි.

    නිර්මාණ ඉදිරිපත් කළ සිසු දරු දැරියන් වෙත සහතික පත් පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර ජාතික ඒකාබද්ධතා හා ප‍්‍රතිසන්ධාන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.

    කුරිරු යුද්ධයෙන් පීඩා විඳි නෙදර්ලන්ත සිසුවියක් විසින් සිත්තම් කරන ලද චිත‍්‍ර ප‍්‍රදර්ශනය නැරඹීමට ද ජනාධිපතිතුමා එක්විය.

    “සිසු දිවියට නව අරුතක්” වැඩසටහනේ තේමා ගීතය ඇතුළත් සංයුක්ත තැටිය ජාතික ඒකාබද්ධතා හා ප‍්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධා ක‍්‍රිෂ්ණන් යන මහත්වරුන් ද, විදේශ තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya