මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතා යහපතට තොරතුරු ලබාදීමට විද්‍යූත් මාධ්‍ය කටයුතු කළ යුතුයි - ජනපති

    අප්‍රේල් 20, 2016

    රටේ ජනතාවගේ යහපත උදෙසා නිවැරදි තොරතුරු ලබාදිමට සියලුම විද්‍යුත් මාධ්‍ය ආයතන කටයුතු කළයුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

    විද්‍යුත් මාධ්‍ය ආයතන වෙත ලබාදී ඇති විද්‍යුත් සංඛ්‍යාත රජය සහ මහජනතාව සතු වත්කමක් බවත් එබැවින් රටේ ජනතාවගේ යහපත උදෙසා නිවරදි තොරතුරු ලබාදීමට එය භාවිතා කිරීම සියලු විද්‍යුත් මාධ්‍ය ආයතනවල වගකීමක් බවත් ජනාධිපතිතුමා සඳහන් කළේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිලධාරින් සහ සියලුම විද්‍යුත් මාධ්‍ය ආයතන ප‍්‍රධානින් සමඟ ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීය.

    ඇතැම් මාධ්‍ය ආයතන තමන්ට ලබාදී ඇති බලපත‍්‍රවලට අනුකූල නොවන අයුරින් වැරදි ලෙස සංඛ්‍යාත භාවිතා කරමින් කටයුතු කරන බවද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

    විදුලි සංදේශ නියාමන පනත පිළිබඳව සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ කි‍්‍රයාකාරිත්වය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

    විදුලි සංදේශ නියාමන පනතේ දැනට පවතින අඩු පාඩු සංශෝධනය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ඒ පිළිබඳ අධිකරණ ක්ෂේත‍්‍රය පුළුල් ලෙස දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

    නිදහස් මාධ්‍ය භාවිතා කිරීමේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය තුළ මාධ්‍ය ආයතන කෙතරම් දුරට සාදාචාරවත් අයුරින් කටයුතු කරනවාද යන්න ගැටලු සහගත බව පැවසූ ජනාධිපතිතුමා රජය ලබා දී ඇති මාධ්‍ය නිදහස සදාචාරවත් අයුරින් භාවිතා කිරීම සියලු මාධ්‍ය ආයතන වෙත පැවරී ඇති වගකීමක් බව ද කියා සිටියේය.

    විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ සිදුවන වංචා දූෂණ පිළිබඳ තමා වෙත තොරතුරු ලැබී ඇති අතර රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සහ අක‍්‍රමිකතාවයන් පිටුදැකීම සම්බන්ධයෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ තුළ ඒ පිළිබඳ අදාළ පියවර ගන්නා බව ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya