මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීතියානුකූල නොව රත්රන් විදේශගත වීම මැඩලීමට ජනපති උපදෙස්

    අප්‍රේල් 20, 2016

    ශී‍්‍ර ලංකාවෙන් නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ රත්රන් විදේශ ගත කිරීම මැඩලීම පිළිබඳ විශේෂ සාකච්ජාවක ඊයේ (19) පස්වරුවේ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

    රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල රත‍්රන් වෙන්දේසි වලදී මිළදී ගන්නා රත්රන් නීතියානුකූල නොවන මාර්ග ඔස්සේ මහා පරිමානයෙන් විදේශ ගත කෙරෙන බවට ති‍්‍රවිධ හමුදාව සහ පොලීසිය මේවන විට තොරතුරු හෙළිදරව් කොට ගෙන ඇත.

    මෙම ජාවාරම මැඩලීම වෙනුවෙන් ගත හැකි පියවර පිළිබඳ මෙහිදී දිර්ඝ වශයෙන් සාකච්ජා කෙරුණු අතර ඒ වෙනුවෙන් කඩිනම්ව සහ සංවිධානත්මකව පියවර ගැනීමට ජනාධිපතිතුමා නියෝග කළේය.

    බැංකු වෙන්දේසි පිළිබඳ ලේඛන විධිමත් ලෙස සම්පාදනය කොට සැපයීමට මහ බැංකුවටත් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වෙතත් ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන් අතර නීතිපති දෙපාර්තමේන්තුවේ, ති‍්‍රවිධ හමුදාවේ සහ පොලීසියේ සහභාගීත්වයෙන් මෙම ජාවාරම මැඩලීමට අවශ්‍ය නීතිමය සහ ප‍්‍රයෝගික වැඩපිළිවෙළක් සම්පාදනය කිරීමට තීරණය කෙරිණි.

    මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ ප‍්‍රධානීන්, ති‍්‍රවිධ හමුදාවේ සහ පොලිස් ප‍්‍රධානීන්, නිතීපති දෙපාර්තමේන්තුව, රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ප‍්‍රධානීන් ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ජාවට එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya