මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජනතාවට බරක් වන ආකාරයේ බදු පැනවීමක් නැහැ - ජනපති

    අප්‍රේල් 18, 2016

    සාමාන්‍ය පොදු මහජනතාවට බරක් වන ආකාරයේ කිසිදු බදු පැනවීමක් සිදු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

    වැට් බදු සංශෝධනයකට රජය සූදානම්වන බවට පසුගියදා ඇතැම් මාධ්‍ය ඔස්සේ විවිධ වාර්තා පළ වී තිබූ බව සිහිපත් කළ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ රටේ දුප්පත්, පොදු මහජනතාව පීඩාවට ලක් කරන කිසිදු ආකාරයේ බදු වැඩි කිරීමකට තමා ඉඩ නොදෙන බවයි.

    එවන් ආකාරයේ යෝජනා ඉදිරිපත් කරන ආර්ථික විශේෂඥයින් සිටිනම් ඔවුන් ගෙදර යවනවා මිස රටේ ආර්ථික වැඩපිළිවෙළට ඔවුන්ගේ අදහස් ලබා ගැනීමට තමා සුදානම් නොමැති බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ උදා වූ සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් පුලතිසිපුර ජනතාවට සුභාශිංසන පළ කිරීමට අද (18) පෙරවරුවේ පොලොන්නරුව බුද්ධි මණ්ඩපයේ පැවති උත්සවය අමතමිනි.

    පොදු ජනතාවගේ ආණ්ඩුවක් ලෙස පොදු ජනතාවට වැඩි ආර්ථික වාසියක් ලබාදෙමින් ඔවුන්ට සහන සැළසීම වත්මන් රජයේ ප‍්‍රතිපත්තිය බව ද ජනාධිපතිතුමා මෙහිදි කියා සිටියේය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ජනතාවාදී ආණ්ඩුවක් ලෙස නව රජය ඉදිරියට ආ ගමන ඉදිරියටම යනවා මිස ආපසු නොහැරෙන බවයි.

    2015 ජනවාරි 08 වනදා මේ රටේ සිදුවූ පරිවර්තනයත් සමඟ දුෂණය, වංචාව, හොරකම, ආඥාදායකත්වය මෙන්ම පවුල්වාදය අවසන් කර ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනැගුණු බව සිහිපත් කළ ජනාධිපතිතුමා දුෂණය, වංචාව, තක්කඩිකම, ආඥාදායකත්වය සහ පවුල්වාදය සම`ග රට විනාශ කළ බලවේගයන්ට මේ රටේ පාලනයක් ගෙන යාමට නැවත ඉඩ නොතබමින් රටේ ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීමට උපරිමයෙන් කැපවන බව උදා වූ නව වසරේ අධිෂ්ඨානශිලිව ප‍්‍රකාශ කරන බවද පැවසීය.

    මේ රට යහපත් මෙන්ම සංවර්ධනය වූ රටක් ලෙස ඉදිරියට ගෙන යාමට නව රජය කැපවී කටයුතු කරද්දී ඇතැම් පරාජිත දේශපාලන බලවේග නොයෙක් වෙස් මුහුණු බැඳ ගනිමින් කරළියට පැමිණෙන බවත්, එම වෙස් මුහුණු තමා හොදින් හඳුනන අතරම දේශපාලන මානසික රෝගින්ගේ ප‍්‍රකාශ සහ අවලාද රජයේ ගමනට බාධාවක් නොවන බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    ලක්දරු දිරිය ශිෂ්‍යත්වලාභීන්ට ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්වන සිරිපාල ගම්ලත්, නාලක කොළොන්නේ, සිඩ්නි ජයරත්න යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් හා පුලතිසිපුර ජනතාව විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya