මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපාන භුමිකම්පාවට ලක් වු ජනතාවට ජනපති ශෝකය

    අප්‍රේල් 18, 2016

    දකුණු ජපානයේ කුමමොටෝ ප්‍රදේශයේ ඉකුත් දා (16) සිදු වූ භූකම්පනයෙන් විපතට පත් ජනතාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය ශෝකය පළ කළේය.

    ජපාන අකිහිතෝ අධිරාජ්‍යයතුමාට යැවු ශෝක පණිවිඩයකින් ජනාධිපතිතුමා සඳහන් කළේ ජපන් ජනතාවගේ ධෛර්යයත් ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ ශක්තියත් නිසා මෙම භූමිකම්පා උවදුරෙන් අත්විදි හානි අවම කර ගනිමින් නැගී සිටින බව තමාට විශ්වාස බවය.

    ශ්‍රී ලංකා රජය හා ජනතාව දෙරට අතර සුහදත්වය හා ශක්තිමත් මිත්‍රත්වයේ නාමයෙන් ජපන් ජනතාව සමඟ මේ අවස්ථාවේදී එක්ව සිටින බව ජනාධිපතිතුමා සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කරයි.

    ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට කිසිදු අනතුරක් සිදු වී නැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya