මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිස‍තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    අප්‍රේල් 17, 2016

    අලුත් අවුරුදු චාරිත‍්‍රානුකූලව හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති  මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පයාගල, මලේගොඩ ශ‍්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී ඊයේ (16) පෙරවරුවේ පැවැත්විණි.

    ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව හිසතෙල් ගෑමේ චාරිත‍්‍රය ඉටුකරමින් ඊයේ පෙරවරු 10.41 ට යෙදුණ සුබ මොහොතින් බෙන්තර, වලල්ලාවිට දෙකෝරළේ ප‍්‍රධාන සංඝනායක, ත‍්‍රිපිටකාචාර්ය පූජ්‍ය මලේගොඩ නන්ද නායක හිමි විසින් ජනාධිපතිතුමාගේ හිසතෙල් ගැල්වීම සිදුකළහ.

    මෙම අවස්ථාවේදී මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනා කරමින් ජනාධිපතිතුමා ප‍්‍රමුඛ ජනතාවට ආශිර්වාදය පළකළහ.

    හිසතෙල් ගෑමේ චාරිත‍්‍රය ඉටුකිරීම සංකේතවත් කරමින් ජනාධිපතිතුමා විසින් විහාරස්ථාන භූමියේ රත් හදුන් පැළයක් රෝපණය කිරීම ද සිදුවිය.

    උදා වූ අලූත් අවුරුද්දට ජනාධිපතිතුමාට සුබපැතුම් එක්කිරීමට ප‍්‍රදේශවාසීන් බොහෝ පිරිසක් විහාරස්ථානයට පැමිණ සිටි අතර ජනාධිපතිතුමා ඔවුන් සම`ග සුහද පිළිසදරක නිරත විය.

    ආයුර්වේද කොමසාරිස් එල්.එච්. තිලකරත්න මහතා අතින් ආයුර්වේද අත්පොත ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර ජයන්ති සිරිසේන මැතිණිය, අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, මහින්ද සමරසිංහ, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා ඇතු`එ මැතිඇමති වරුන් සහ ප‍්‍රදේශවාසීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya