මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජර්මන් පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් ජනපති හමුවෙති

    අප්‍රේල් 08, 2016

    ජර්මන් පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතර හමුවක් ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

    ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නියෝජිත නීලස් ඇනන් (Niols Annen)" , මයිකල් ඩොනත් ලේ (Michael Donth Lay)- හා මහාචාර්ය එගොන් ජට්නර් යන මහත්වරුන් මෙම නියෝජිත පිරිසට අයත් වූහ. ජර්මන් තානාපති ආචාර්ය ජර්ගන් මර්හාඩ් මහතාද මෙම අවස්ථාවට එක් විය.

    තමන්ගේ පසුගිය ජර්මන් සංචාරය සිහිපත් කළ ජනාධිපතිතුමා එහිදි ලබාදුන් උණුසුම් ආගන්තුක සත්කාරය සහ මිත්‍රත්වය උදෙසා ජර්මානු චාන්සලර් ඇන්ජෙලෝ මර්කල් මහත්මියට සහ ජර්මානු රජයට සහ එහි ජනතාවට සිය ස්තූතිය පළ කිරීමට ද මෙය අවස්ථාවක් කර ගත්තේය.

    දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගිතාවය පුථල් කිරීම සදහා විශාල අවකාශයක් පවතින බවත් ජර්මන් ආයෝජකයින්ගේ ඉදිරි ශී්‍ර ලංකා සංචාරය තුළින් දෙරටේ ආර්ථීක සහ වෙළෙද සබදතා තවදුරටත් වර්ධනය කරනු ඇති බවත් පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම පැවසූය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya