මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති අභිනව අස්ගිරි මහා නා හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගනී

    අප්‍රේල් 11, 2016

    අභිනව අස්ගිරි මහා නායක පදවියට පත් වූ ශාස්ත්‍රවේදී පණ්ඩිත අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රි පඤ්ඤානන්ද ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැකීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඊයේ (10) පස්වරුවේ මහනුවර අස්ගිරි මහා විහාරය වෙත ගියේය.

    අභිනව මහානායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසූ ජනාධිපතිතුමා උන්වහන්සේ වෙත තම සුභාශීංසන පිරිනැමීය.

    අභිනව මහානායක හිමියන් විසින් මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමා වෙත අශිර්වාද පළ කළහ.

    මල්වතු මහා විහාරය වෙත ද ගොස් මල්වතු මහානායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක සුව දුක් විමසා කෙටි පිළිසදරක නිරත විය.

    අමාත්‍ය විජයදාස රාජපක්ෂ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ජනාධිපතිතුමා සමග මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya