මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන ආරම්භ වෙයි

    අප්‍රේල් 06, 2016

    “පුනරුදය” පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහනේ වයඹ පළාත් සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  (05) පස්වරුවේ කුරුණෑගල වැව රවුම පරිසර කලාපයේදී පැවැත්විණි.



    “යහජීවනයේ වියන බදිමු”  තේමාව යටතේ වයඹ ප්‍රධාන අමාත්‍ය කාර්යාලය විසින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනේදී ” යහජීවනයෙන් – සහජීවනයට” වයඹ පළාත් පස් අවුරුදු සැලැස්ම එළිදැක්වීමද සිදු වූ අතර එහි පළමු පිටපත වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක, ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්ම මහත්මීන් විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    එමෙන්ම පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සඳහා වූ වයඹ පළාත් සැලැස්ම, වයඹ පළාත් පරිසර ක්‍රියාකාරි සැලැස්ම, මත්ද්‍රව්‍ය නිවාරණය හා පාලනය සඳහා වූ වයඹ පළාත් ඒකාබද්ධ සැලැස්ම, ආහාර නාස්තිය අවම කිරීමේ පස් අවුරුදු සැලැස්ම, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තුන් අවුරුදු සැළැස්ම හා ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ වයඹ පළාත් සැලැස්ම මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී.

    පළාතේ මැති ඇමතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya