මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරුණ්‍යයේ සිහින සැබෑ වන්නේ තමාගේ නිර්මාණශීලිත්වයෙන්

    අප්‍රේල් 03, 2016

    ජාතියේ අනාගතය වෙනුවෙන් දරුවන්ට නව ලෝකය විවර කර දීම රජයක වගකීම වුවත් තාරුණ්‍යයේ සිහින සැබෑ කර ගැනීමට හැකිවන්නේ තාක්ෂණයේ වහලෙක් බවට පත්නොවී තමන් නිර්මාණශීලී දායකයෙක් බවට පත්වීම තුළින් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.

    අන්තර්ජාල භාවිතයෙන් ලෝකය එකම යායක් බවට පත්වී ඇතත් තාක්ෂණයට, තාරුණ්‍ය හැසිරවීමට ඉඩ නොදිය යුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සීගිරිය ගුවන් හමුදා කඳවුරේ පැවති යොවුන් පුරය 2016 වැඩසටහනේ සමාප්ති උළෙලට ඊයේ (02) එක්වෙමිනි.

    මෙරට තරුණ තරුණියන්ගේ නායකත්ව කුසලතා සහ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් ”අනාගතය – ඇරඹුණා” තේමාව යටතේ පැවැත්වුණු මෙම වැඩසටහන සඳහා සෑම දිස්ති‍්‍රක්කයක්ම නියෝජනය කරමින් තරුණ තරුණියන් පන්දහසක් පමණ සහභාගී වූ අතර විදේශීය තරුණ තරුණියන් සියයකට වැඩි පිරිසක්ද එක්වීම විශේෂත්වයකි.

    තව දුරටත් අදහස් දක්වමින් ජනාධිපතිතුමා පැවසුවේ යහපාලනය සහ සංහිඳියාව යන වචන යථාර්ථවාදීව ක‍්‍රියාත්මක වීම තුළින් මේ රටේ අනාගතය වඩාත් සුබදායක කර ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඒ සඳහා පෙරමුණ ගැනීමට අපේ රටේ යෞවනයට විශාල වගකීමක් පැවරී ඇති බව ද පැවසීය.

    මෙරට සමස්ත දරුවන්ට සමාන අයිතිවාසිකම් සහ වරප‍්‍රසාද භුක්ති විඳීමට අග‍්‍රාමාත්‍යවරයාගේ සංකල්පයක් මත බිහිවූ යොවුන් පුරය වැඩසටහන තාරුණ්‍යයට ලැබී ඇති සුවිශේෂී අවස්ථාවක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    තාරුණ්‍යයේ බුද්ධිය යනු ජාතියේ සුබදායී අනාගතය බව පෙන්වා දුන් ජනාධිපතිතුමා නව ලෝකය දිනා ගැනීමට තාරුණ්‍යට අවශ්‍ය සම්පත් සහ පරිසරය නිර්මාණය කර දීමේ වගකීම රජය විසින් නොපිරිහෙළා ඉටුකරන බැවින් රට ගොඩනැගීමට තාරුණ්‍යය ආරාධනා කළේය.

    එම ස්ථානයේ එක් එක් දිස්ත‍්‍රික්ක නියොජනය කරමින් සංවිධානය කර තිබූ තරුණ කඳවුරු නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා යොවුන් කුමර කුමරියන්ට ත්‍යාග ප‍්‍රදානය කිරීමට ද එක්විය.

    වසර 28 කට පසුව පවත්වන ලද මෙම යොවුන් පුරය සිහිගැන්වීම වෙනුවෙන් විශේෂ සමරු මුද්දරයක් ද එළිදක්වන ලද අතර එය තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා විසින් සංකේතාත්මකව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    තරුණ තරුණියන්ට ඇති අධ්‍යාපන හා වෘත්තීය අවස්ථා දැක්වෙන ප‍්‍රදර්ශන කුටි, රැකියා වෙළෙඳපොළ යොවුන් පුරය භූූමියේ ඉදිකර තිබූ අතර තරුණ තරුණියන්ගේ සෞන්දර්ය හා කි‍්‍රඩා කුසලතා නැංවීම ස`දහා විවිධ රසවින්දන වැඩසටහන් හා කී‍්‍රඩා තරග ද සංවිධානය කර තිබුණි.

    මෙරට තරුණ තරුණියන්ට නවමු අත්දැකීමක් එක් කරමින් ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය හා ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කළ යොවුන් පුරය වැඩසටහන මෙරට පැවති වැඩිම සහභාගිත්වයක් ඇති තරුණ කඳවුර විය.

    මෙම අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒතනායක, අමාත්‍යවරුන් වන අතිල විරාජ් කාර්යවසම්, සජිත් පේ‍්‍රමදාස, රිෂාද් බදුයුදීන්, සාගල රත්නායක, සරත් ෆොන්සේකා, රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, පොලිස්පතිතුමා, ත‍්‍රිවිධ හමුදාපතිවරු, ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරංද වැලිඅංගගේ, අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීහු ඇතු`එ පිරිසක් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya