මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිඹූලාගල ආරණ්‍ය සේනාසනය සංවර්ධනයට ජනපති උපදෙස්

    අප්‍රේල් 03, 2016

    පිබිදෙමු පො‍ලොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දිස්ති‍්‍රක්කයේ ආගමික ස්ථාන සංවර්ධනය කිරීමේ වැඩසටහන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයෙන් ආරම්භ කෙරේ.

    ආරණ්‍ය සේනාසනයේ පිරිවෙන් ධර්මශාලා ගොඩනැඟිල්ල ඉදිකිරීම ඇතුළු අනෙකුත් සංවර්ධන කටයුතු සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේදී පැවැත්විණි.

    පූජ්‍ය ති‍්‍රකුණාමලයේ ආනන්ද ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ විහාරවාසී මහා සංඝරත්නයද, පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් ඇතුළු රාජ්‍ය නිළධාරිහු ද සාකච්ඡාවට එක්ව සිටියහ.

    මේ අනුව ආරණ්‍ය සේනාසනයේ ඉදිරි සංවර්ධන කටයුතු ලබන මැයි මාසය වන විට ආරම්භ කරන ලෙස නිළධාරින්ට අවධාරණය ජනාධිපතිතුමා ඉහළ ප‍්‍රමුඛත්වයක් ලබාදෙමින් අඛණ්ඩව එම කටයුතු සොයා බලන ලෙස ද උපදෙස් දුන්නේ ය.

    ආරණ්‍ය සේනාසනයේ පානීය ජල පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ඒ පිළිබඳ විධිමත් සැළැස්මක් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිතුමා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වෙත උපදෙස් දුන්නේ ය.

    පිබිදෙමු පොළාන්නරුව වැඩසටහන යටතේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනය ඇතුළු දිස්ති‍්‍රක්කයේ තිබෙන විහාරස්ථාන 300 ක් පමණ සංවර්ධනය කිරීමට නියමිත අතර එම කටයුතු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

    ආරණ්‍ය සේනාසනයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් දායකත්වය සපයන ආයතන විසින් අදාළ චෙක්පත් ද මෙහිදී භාරදෙනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya