මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිරට ඇගළුම් කර්මාන්ත 2ක් විවෘත වෙයි

    අප්‍රේල් 03, 2016

    නැගෙනහිර පළාතේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් සපයා දෙමින් ඉදි කෙරුණු නැගෙනහිර ඇගළුම් කර්මාන්ත ශාලා 02 ක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ  (02) විවෘත කෙරිනි.

    ලෝතා පෞද්ගලික සමාගමට අයත් හෑල්ලූම් රෙදි කර්මාන්ත ශාලාවක් ජනාධිපතිතුමා අතින් පළමුව විවෘත කෙරුණු අතර සමරු ඵලකය නිරාවරණය කර කර්මාන්ත ශාලාව විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

    නැගෙනහිර ඇගළුම් කර්මාන්ත ශාලාව ඉන් අනතුරුව ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

    නැගෙනහිර අබ්දුල් කාදල් විද්‍යාලයේ දරුවන්ට පාසල් උපකරණ කට්ටල ඛෙදාදීම ද ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර එම්.එස්. රම්ෂානි දියණිය විසින් නිර්මාණය කරන ලද ජනාධිපතිතුමාගේ සේයා රුවක් ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    අමාත්‍ය රවුෆ් හකීම්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් මහතා ඇතුළු පළාතේ මහජන නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya