මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන්

    අප්‍රේල් 02, 2016

    අපේ සංස්කෘතිය හා ගොවිතැන අතර පවත්නා වූ චිරාගත ඥාතීත්වය පිළිබිඹු කරන අලූත් සහල් මංගල්‍ය චාරිත‍්‍රය ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ පොලොන්නරුව ගල් විහාරය පරිශ‍්‍රයේ දී පැවැත්විණි.

    නිසි කලට වැසි වස්සවා රට කෘෂි සම්පත්තියෙන් සමෘද්ධිමත් කරනු පිණිස බුද්ධරත්නයේ ආශිර්වාදය ලබා ගැනීම දුරාතීතයේ සිට පැවත එන අලුත් සහල් මංගල්‍යය චාරිත‍්‍රයෙන් අපේක්ෂා කෙරේ.

    මෙවර අලුත් සහල් මංගල්‍ය චාරිත‍්‍රය ආරම්භ කරමින් පොළොන්නරුව ගල් විහාර බුද්ධ ප‍්‍රතිමා වහන්සේ අසල දී කිරි ආහාර පූජාව පැවැත්වූ ජනාධිපතිතුමා අලුත් සහල් මංගල්‍යයේ ආගමික කටයුතු වල නිරත විය.

    අනතුරුව ඒ අසලින් ආරම්භ වූ අලුත් සහල් මංගල්‍ය පෙරහැර ගල් විහාර ප‍්‍රතිමා වහන්සේ දක්වා ගමන් කෙරිණ.
    සර්වඥ ධාතූන් වහන්සේ වැඩම කරවීම, සධාතුක කරඩුව බුදුරුව අබියස තැන්පත් කිරීම, ගල් විහාර සැතපෙන පිළිමයේ සිරිපා දෝවනය කිරීම සහ අලුත් සහල් පූජා කිරීම ජනාධිපතිතුමා අතින් සිදුවිය.

    අනතුරුව අදහස් දක්වමින් ජනාධිපතිතුමා පැවසුවේ අපේ ගොවි ජනතාව රටට බත සපයා දීමෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ගන්නා උත්සාහය කිසි විටෙක අවතක්සේරු නොකරන බවත් රසායනික පොහොර භාවිතයෙන් අහිමි වන ගොවි ජීවිත සුරක්ෂිත කිරීම ස`දහා කාබනික පොහොර ප‍්‍රචලිත කිරීමට පියවර ගත් බවත්ය.

    අතීතයේ දී මුළුමනින්ම කාබනික පොහොර භාවිතා කරමින් ගොවිතැන් කටයුතු සිදුකෙරුණු අතර රට සහලින් ස්වයංපෝෂිත කරන්නට ඒ කාලයේ හැකිවූ බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    රටට හා ගොවි ජනතාවට හිතැති කාබනික පොහොර භාවිතය වැළැක්වීමට ඇතැමුන් උත්සාහ ගන්නේ සිය දේශපාලන සහ පටු අරමුණු ඉටුකර ගැනීමේ ද්‍රෝහී චේතනාවෙන් බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසීය.

    එමෙන්ම ශ‍්‍රී ලංකාව ජල සම්පතින් ආඪ්‍යව පැවතිය ද ජල කළමණාකරණයේ පවතින දුර්වලතා සහ නොසැලකිල්ල හේතුවෙන් ජල සම්පත විශාල වශයෙන් අපතේ යන අතර ජල සම්පත සුරැකීමට ගොවි ජනතාව ඇතුළු සියලුදෙනා වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    පොළොන්නරු දිස්ත‍්‍රික් ලේකම්වරයා ඇතුළු ගොවි සංවිධාන විසින් සංවිධානය කළ මෙම අලුත් සහල් මංගල්‍යය සඳහා සොළොස්මස්ථානාධිපති ශාස්ත‍්‍රපති වෙ`ඩරුවේ උපාලි ස්වාමීන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන සිඞ්නි ජයරත්න, නාලක කොලොන්නේ, සිරිපාල ගම්ලත් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya