මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පස්වැනි කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල ඇරඹේ

    අප්‍රේල් 01, 2016

    පස්වැනි කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙලේ සමාරම්භය, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ඊයේ (31) පස්වරුවේ පැවැත්විණි.

    ජර්මන් ජාතික නාට්‍ය පිටපත් ලේඛිකාවක වන Ingeborg Von Zadow මහත්මිය විසින් රචිත Contemporary German Children and Youth “සමකාලීන ළමා හා යොවුන් නාට්‍ය” නම් සිංහල පරිවර්තනය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදුවිය.

    එමෙන්ම, දශක කිහිපයක් දේශීය නාට්‍ය කලාව පෝෂණය කිරීම උදෙසා අමිල මෙහෙවරක් ඉටු කළ ප‍්‍රවීණ නාට්‍යවේදී පරාක‍්‍රම නිරිඇල්ල මහතා වෙත ජනාධිපතිතුමා විසින් විශේෂ සම්මානයක් ද ප‍්‍රදානය කෙරිණි.

    අද (01) සිට ලබන 06 වනදා තෙක් කොළඹ බි‍්‍රතාන්‍ය පාසල් රංග ශාලාවේ දී ශ‍්‍රි ලංකාව, ඉන්දියාව, ජර්මනිය, ඉතාලිය සහ ජෝර්ජියාව යන රටවල් නියෝජනය කරමින් මෙම නාට්‍ය උළෙල පැවැත්වේ.

    මෙම අවස්ථාවට දෙස් විදෙස් කලාකරුවන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya