මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුල්‍ය විනය සහ මූල්‍ය කළමනාකරණය පිළිබඳ වගකීම් නිසි ලෙස ඉටු කළා - ජනපති

    අප්‍රේල් 01, 2016

    අවුරුද්දකට වැඩි කාලයක් ජනාධිපතිවරයා ලෙස කටයුතු කරද්දි මුල්‍ය විනය සහ මූල්‍ය කළමනාකරණය පිළිබඳ සිය වගකීම් නිසි ලෙස ඉටු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    අද වන විට ජනාධිපති කාර්යාලයේ වියදම සියයට 60 කින් අඩු කිරීමට කටයුතු කර තිබෙන අතර විදේශ සංචාර සඳහා තමා කිසිවිටෙකත් පෞද්ගලික ගුවන් යානා ගෙන නොගිය බවත් සාමාන්‍ය මගී ගුවන් යානයකින් ඉතා සීමිත පිරිසක් සමඟ ඒ සඳහා සහභාගී වූ බවත් ජනාධිපතිතුමා සිහිපත් කළේය.

    ශ්‍රී ලංකන් ගුවන් සේවය විශාල අලාභයක් ලබා ඇත්තේ පසුගිය නායකයින් සිය හිතමිත්‍රාදීන් සමඟ විදේශ සංචාර සඳහා වෙනම ගුවන් යානා රැගෙන ගොස් දින ගණන් එම රටවල ඒවා රඳවාගෙන සිටි නිසා බවත් ජනතා මුදල් විනාශ කරන එවන් ක්‍රියා තම පාලන කාලය තුළ අවසන් කර ඇති බවත් ජනාධිපතිතුමා පැවසීය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මුදල් අමාත්‍යාංශයේ නව ගොඩනැඟිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (31) පෙරවරුවේ එක් වෙමිනි.

    මුල්‍ය විනය සහ මූල්‍ය කළමනාකරණය පිළිබඳ වැඩි අවධානයක් යොමු කර කටයුතු කිරීම දේශපාලනඥයින්ගේ මෙන්ම රාජ්‍ය නිලධාරින්ගේ වගකීමක් බව මෙහිදි පැවසූ ජනාධිපතිතුමා වාර්ෂික ඉලක්ක සපුරා ගැනීම සඳහා වසර ආරම්භයේ සිට වගකීම් ඉටු කිරීමේ වැදගත්කමත්, සංවර්ධන කටයුතුවලදී දැඩි මුල්‍ය විනයක් සහ කළමනාකරණයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයත් පෙන්වා දුන්නේ ය.

    රුපියල් මිලියන 1400 ක් වැය කරමින් ඉදිකර ඇති මෙම සත් මහල් ගොඩනැගිලි සංකීර්ණය අති නවීන පහසුකම්වලින් සමන්විත අතර මුළුමනින්ම දේශීය ඉංජිනේරුවන්ගේ දායකත්වයෙන් ඉදිකිරීම් කටයුතු සිදු කිරීම විශේෂත්වයකි.

    කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක හිමිපාණන් වහන්සේ, පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද අන්‍යාගමික පූජකවරුන් ද, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, මුදල් අමාත්‍ය රවී කරුණානායක, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, රිෂාද් බදුර්දීන්, ඞී.එම්. ස්වාමිනාදන්, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන. ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතළු ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya