මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහවැලි හා පරිසර අමාත්‍යාංශයේ ප්‍රගතිය සාකච්ඡා කරයි

    අප්‍රේල් 01, 2016

    මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ ප‍්‍රගති සමාලෝචනය සඳහා වූ සාකච්ඡාවක් ඊයේ (31)  ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.

    මහවැලි කලාපවල පදිංචිකරුවන් සඳහා ඉඩම් ඔප්පු හෝ බලපත‍්‍ර ලබාදීම කඩිනම් කිරීම, මහවැලි කලාපවලට අයත් විහාරස්ථාන සඳහා ස්ථීර ඔප්පු ලබාදීම, අවිධිමත්ව ඉඩම් භුක්ති විදින්නන් සඳහා විධිමත් විසඳුමක් සපයා ගැනීම, ඉදිරියේදී ඇතිවිය හැකි නියගයකදී මහවැලි ජලය කළමනාකරණය කර ගැනීම ඇතුළු කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡාවට ලක් විය.

    මහවැලි සංවර්ධන සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළුව අමාත්‍යාංශයේ ලේකම්වරුන් සහ අමාත්‍යාංශයට අයත් ආයතනවල ආයතන ප‍්‍රධානීන් මෙම ප‍්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya