මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි ආර්ථික සැලසුම් සකස් කිරීම ගැන විද්වතුන් සහ රාජ්‍ය නිලධාරින් සමඟ විශේෂ සාකච්ඡාවක්

    අප්‍රේල් 01, 2016

    වර්ෂ 2030 වන විට තිරසාර සංවර්ධනයක් අත්කර ගත් ඉහළ ආදායමක් ඇති ආදර්ශමත් ජාතියක් වීම හා තෘප්තිමත්, සාමකාමී සමාජයක් බිහි කිරීම වෙනුවෙන් ඉදිරි ආර්ථික සැලසුම් සකස් කිරීම පිළිබඳ විද්වතුන්ගේ සහ රාජ්‍ය නිලධාරින්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    ශී‍්‍ර ලංකාවේ ආර්ථිකය හා ඉදිරි ගමන් මග, මැයෙන් සංවිධානය කර තිබූ මෙම සාකච්ඡාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, මුදල් අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු ද විශ්විද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ඇතුළු විද්වත් පිරිසක් එක්ව සිටියහ.

    ඉදිරි සංවර්ධන ඉලක්ක සපුරා ගනිමින් ආර්ථික සැලසුම් සකස් කිරීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

    මිලියනයක රැකියා අවස්ථා උත්පාදනය, ජනතාවගේ ආදායම් මට්ටම ඉහළ නැංවිම, ග‍්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීම, පුළුල් හා ශක්තිමත් මධ්‍යම පන්තියක් නිර්මාණය කිරීම ශී‍්‍ර ලංකාවේ මධ්‍ය කාලීන ඉලක්ක වන අතර එම ඉලක්ක සපුරා ගැනීමේ දී අනුගමනය කළ යුතු ක‍්‍රමවේදයන් පිළිබඳ මෙහිදී විද්වතුන් අදහස් ඉදිරිපත් කළහ.

    රාජ්‍ය නිලධාරින්ට, උගතුන්ට මෙන්ම බුද්ධිමතුන්ට නිදහසේ අදහස් ප‍්‍රකාශ කළ හැකි මෙවන් සාකච්ඡා තුළින් රජයේ අඩු පාඩු හඳුනාගෙන ඉදිරි සංවර්ධන සහ ආර්ථික සැලසුම් සකස් කරන බව ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya