මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට වෙනුවෙන් පැවරෙන වගකීම ඉටු කරනවා- ජනපති

    අප්‍රේල් 05, 2016

    2015 ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව තමා වෙත රට භාර දුන්නේ රටට අවශ්‍ය පරිවර්තනයන් රැසක් සඳහා වගකීම භාරදෙමින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පැවසීය.


    ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ නින්දා අපහාස සහ ව්වේචන කෙතරම් එල්ලවුවද රට වෙනුවෙන් පැවරුන එම වගකීම නිසි ලෙස ඉටු කරන බවයි.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ වැලිමඩ ශී‍්‍ර සංඛගිරි විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද වාහල්කඩ විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ඊයේ (04) පෙරවරුවේ එක් වෙමිනි.

    බුදුන් වහන්සේ ද නින්දා අපහාසවලට ලක්වූ අතර මහත්මා ගාන්ධි වැනි ශ්‍රේෂ්ඨයින් මෙන්ම රටට වැඩ කළ සියලු දෙනා විවිධ චෝදනා සහ අපවාදවලට ලක්වූ බව ජනාධිපතිතුමා මෙහිදී සිහිපත් කළේය.

    අද අපේ රටද මුහුණ දී සිටින්නේ ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින සියලූ රටවල් මුහුණදී සිටින පොදු තත්ත්වයන්ට බවත්, එම සියලු අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් රටේ ජනතාවට උසස් ජීවන තත්ත්වයක් උදා කර දීමට කැපවන බවත් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    නව රජයේ වැඩපිළිවෙළ තුළ දැහැමි සමාජයක් ගොඩනැඟිමේ කටයුත්ත සඳහා ප‍්‍රමුඛ ස්ථානයක් හිමිවන බව පැවසූ ජනාධිපතිතුමා දැහැමි සමාජයක් ගොඩනැඟිමටනම් ආගමික ස්ථාන ශක්තිමත් කළයුතු බවත්, දුෂ්කර විහාරස්ථාන සංවර්ධනය කිරීම සහ ඒවායේ වැඩවෙසෙන භික්ෂුන්වහන්සේලාගේ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් විශේෂ රාජ්‍ය අරමුදලක් ආරම්භ කරන අතරම අනෙකුත් ආගමික ස්ථානවල සංවර්ධනය වෙනුවෙන් ද කැපවී කටයුතු කරන බව ප‍්‍රකාශ කළේය.

    අද පෙරවරුවේ වැලිමඩ ශී‍්‍ර සංඛගිරි විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව විහාරාධිපති පූජ්‍ය බිබිලේ ගුණානන්ද නායක ස්වාමින් වහන්සේ බැහැදක සුව දුක් විමසා පිරිකර පූජා කළේය.

    පූජ්‍ය නුවරඑළියේ චන්ද්‍රජෝති, පූජ්‍ය මැදවල සිරි සුගතසෝම යන ස්වාමින් වහන්සේලා ප‍්‍රමුඛ මහා සංඝරත්නයද, අමාත්‍ය නවීන් දිසානායක, රාජ්‍ය අමාත්‍ය රවින්ද්‍ර සමරවීර, ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ, ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් රැසක් ද, ප‍්‍රදේශවාසී සැදැහැවත් ජනතාවද පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya