මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලිය ඇනහිටීම ගැන පරීක්ෂා කිරීමට ජනපතිගෙන් විශේෂ කමිටුවක්

    මාර්තු 15, 2016

    රට තුළ හදිසි විදුලිය ඇනහිටීම් හා ඒ සම්බන්ධයෙන් ඇති වී ඇති තත්ත්වයන් මෙන්ම ඉන් බාහිර කටයුතු පරික්ෂා කර, අදාළ තත්ත්වයන් පිළිබඳ සැලකිලිමත් වී ඊට ගත යුතු කඩිනම් පියවර රජයට නිර්දේශ කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් විශේෂ කමිටුවක් පත් කර තිබේ.

    විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඇතුළු අමාත්‍යවරුන් වන සුසිල් පේ‍්‍රමජයන්ත, පාඨලී චම්පික රණවක, සාගල රත්නායක, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ඉරාන් වික‍්‍රමරත්න, අජිත්. පී පෙරේරා යන මහත්වරුන් එහි සාමාජිකයින් වෙති.

     

    මෙම කමිටුවේ පළමු වාර්තාව සතියක් තුළ ජනාධිපතිතුමා වෙත භාරදීමට නියමිත ය. විදුලිබල ක්ෂේත‍්‍රයේ ඇති දුර්වලතා සහ ගැටලු නිරාකරණය කර රටේ ජන ජීවිතය හා සංවර්ධන ක්ෂේත‍්‍රයට කිසිදු බලපෑමක් ඇති නොවන සේ සේවාවන් ලබාදීමට අවශ්‍ය නිර්දේශ මෙම කමිටුව මගින් ඉදිරිපත් කරනු ඇත.

     

    ඉහත කී කමිටුව මාස 03 ක පමණ කාලයක් තුළ අවශ්‍ය කටයුතු ඉටු කිරීමට නියමිත අතර මෙම කටයුතුවලට සහායවීම සඳහා විදුලිබල හා බලශක්ති ක්ෂේත‍්‍රයේ අත්දැකීම් ඇති පුද්ගලයින් හා විද්වතුන් තෝරා ගැනීම සඳහා ද ජනාධිපතිතුමා විසින් කමිටුවට බලය පවරා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya