අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක වකුගඩු දිනය සැමරීමේ ජාතික උත්සවය අද

    මාර්තු 10, 2016

    මාර්තු 10 දිනට යෙදෙන ලෝක වකුගඩු දිනය සැමරීමේ ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (10) මැදවච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්වීමට  නියමිත බව වකුගඩු රෝගය පිළිබඳ ජනධිපති කාර්යසාධක බලකයේ අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල මහතා පවසයි.


    වකුගඩු රෝගය සමාජයේ බරපතල ගැටළුවක් බවට පත් වී ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී.

     

    ලෝක වකුගඩු දිනයට සමගාමීව ''සුරකින්නට තව වටිනා ජීවිතයක් කැමැත්ත දෙමු දන් දෙන්නට වකුගඩුවක්'' යන තේමව යටතේ වකුගඩුවක් ප්‍රදානය කිරීම සඳහා නව කාඩ් පතක් හඳුන්වාදීම පසුගිය දා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ සහභාගීත්වයෙන් සිදු විය.

     


    වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ වැඩසටහන් සඳහා ලක්ෂ 900ක් වන වකුගඩු අරමුදල වහම යොදවන ලෙස තමා වෙත ජනාධිපතිතුමා විසින් උපදෙස් දුන් බව ජනාධිපති කාර්යසධක බලකයේ අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල මහතා පවසයි.

     


    වසරකට ශ්‍රී ලංකාවෙන් වකුගඩු රෝගය වැලදුණ රෝගීන් 5000ක් වාර්තා වන බවත් පැවසූ වෛද්‍ය පාලිත මහීපාල මහතා ලෝකයේ මිලියන 02ක් වකුගඩු රෝගයට ගොඳුරුවී සිටින බව පැවසී ය.ඉදිරියේ දී වකුගඩු කාන්දු කෙරෙන යන්ත්‍ර 367 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවත් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya