අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතා අඳහස් අනුවයි ව්‍යවස්ථාව සකස් කරන්නේ- අගමැති

    මාර්තු 09, 2016

    ජනතා අඳහස් අනුව ව්‍යවස්ථාව සකස් කරන බවත් ජනතාව බලාපොරොත්තුවක් තබාගෙන සිටින බවත් අපේ යුතුකම ඒ බලාපොරොත්තු ඉටුකිරීම බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.


    අග්‍රාමත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා යෝජනා සම්මතය  පිළිබඳව පැවැති විවාදයේ දී යෝජනාව සම්මත කිරීමට පෙර පිළිතුරු කතාව කරමිනි.

     

    ජනතා ඉල්ලීම අනුව ව්‍යවස්ථාව සංශෝධනය කරන එකක්. ඒ වැඩකටයුත්ත තමයි, පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගන්නේ.ව්‍යවස්ථාදායක සභාව කියන්නේ පාර්ලිමේන්තුවේ කොමිටියක්.

     

    18 වැනි සංශෝධනය දේශපාලන ප්‍රශ්නයක් බවට පත් වෙලා, 18 වැනී සංශෝධනය ප්‍රතික්ෂේප කරන්නට ජනතාව කටයුතු කළා. ඒ වෙනුවට එකතුවෙලා ව්‍යවස්ථාවක් සකස් කරන්න කිව්වා.

     

    මෙවැන්නක් සභාවේ සාකච්ඡා කරන්නේ පළමුවරටයි.දැන් තිබෙන ප්‍රශ්නවලට විසඳුමක් හා පදනමක් ඇතිකර ගත හැකියි.මේ මූලික පියවරයි.

     

    මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ ජාතික ආණ්ඩුවක් ඇති කළ නිසයි මේ කටයුත්ත කරන්න පුළුවන් වුණේ.ජනවාරි 08 මූලධර්ම පිළිගත්තා.සන්ධානය පිළිගත්තා. ජනතාව බලාපොරොත්තුවක් තබාගෙන ඉන්නවා. අපේ යුතුකම ඒ බලාපොරොත්තු ඉටුකර ගැනීමයි.

     

    ජනාධිපති බලතල අඩුකරලා, වගකීම පාර්ලිමේන්තුවට ලබාදී තිබෙනවා. කොමිෂන් සභා පිහිටුවූවා,කාරක සභා ආරම්භ කළා, අගමැති පිළිතුරු දීමේ අවස්ථාව ලබාදී තිබෙනවා. පාර්ලිමේන්තුව ශක්තිමත් කරලා වැඩකටයුතු කරන්න පියවර ගෙන තිබෙනවා.අපි ජනතා අඳහස් අනුවයි ව්‍යවස්ථාව සකස් කරන්නේ.ඡන්ද ක්‍රමය ගැන සියයට 50%ක එකඟතාවයකට පැමිණ තිබෙනවා.ජනතාවගේ මූලික අයිතිවාසිකම් ශක්තිමත් කරන්න අවශ්‍යයි.ඒකීයභාවය වෙනස් නොකර බලතල ගැන සාකච්ඡා කරන්න පුළුවන්. අපට සුදුසු ව්‍යවස්ථාවක් ලබාගන්න මෙය සුබ ලකුණක් බව ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya