මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන්ට සම අධ්‍යාපනයක් ලබා දීම රජයේ අරමුණයි – ජනපති

    පෙබරවාරි 28, 2016

    රටම ආවරණය වන පොදු ප‍්‍රතිපත්තියක් තුළ විෂමතා තුරන් කොට අධ්‍යාපනයේ ප‍්‍රතිලාභ සියලූ දරුවන් වෙත ගලා යාමට ඉඩ ප‍්‍රස්ථා විවර කිරීම රජයේ අරමුණ බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ කථතර බාලිකා විද්‍යාලයේ 75 වෙනි සංවත්සරයට සමගාමීව සංවිධානය කෙරුණු අධ්‍යාපන සහ වෙළෙද ප‍්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට   එක් වෙමිනි.

     

    වසර 75 ක දිගු ඉතිහාසයකින් හෙබි කළුතර බාලිකා විද්‍යාලය රටට මහා මානව සම්පතක් දායාද කළ විද්‍යාලයක් ලෙසින් කීර්තිමත් ඉතිහාසකට උරුම කම් කියයි.විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා, එහි සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය.

     

    විද්‍යාලයට වසර 75 ක් සපිරීම නිමිත්තෙන් අභිනවයෙන් ඉදිකරන ලද බුද්ධ මන්දිරය විවෘත කෙරුණේද ජනාධිපතිතුමා අතිනි. විද්‍යාලයේ ඉදිකිරීමට නියමිත සිව්මහල් ගොඩනැගිල්ලට මුල් ගල් තැබීමද මේ හා සමගාමීව සිදු විය.

     

    අධ්‍යාපන හා වෙළෙඳ ප‍්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවකද නිරත වෙමින් සිසු දරුවන් සමග සුහද කථා බහක නිරත විය.

     

    උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ වත්මන් රජය රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අන් කිසිදු රජයක් වැය නොකළ ප‍්‍රතිශතයකින් ජාතික අයවැයෙන් මුදල් වෙන් කර තිබෙන බවයි.

     

    ලෝකයම අධ්‍යාපනය, නව තාක්ෂණය සමග අත්වැල් බැද ගනිමින් කඩිනම් ගමනකට අවතීර්ණ වී ඇති මේ මොහොතේ ශී‍්‍ර ලාංකීය දු පුතුන්ට කිසිදු අවස්ථාවක පසු බැසීමට ඉඩ නොතබා ඔවුන් දැනුමෙන් මෙන්ම තාක්ෂණයෙන් පෝ්ෂණය කිරීම රජයේ අරමුණ බවද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

     

    අමාත්‍ය මහින්ද සමරසිංහ, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ යන මහත්වරුන්ද පළාතේ දේශපාලන නියෝජිතයින් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya