මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත අධ්‍යාපන පද්ධතියම සැළසුම් සහගත අයුරින් සංවර්ධනය කරනවා

    පෙබරවාරි 26, 2016

    සමස්ත අධ්‍යාපන පද්ධතියම සැළසුම් සහගත අයුරින් සංවර්ධනය කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට අද (26) පාර්ලිමේන්තුවේ දී  පිළිතුරු ලබාදෙමිනි.

     

    අධ්‍යාපන අමාත්‍යාංශය සහ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ  අතර තිබෙන ගැටළු විසඳීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.  ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැනුවත් කරන බවත් ඇමතිවරයා පැවසීය.


    රටේ සමස්ථ පාසල් පද්ධතියේ පාසල් 6,000 කට  විදුහල්පතිවරු නොමැති බවත් ඒ වෙනුවෙන් වැඩබලන විදුහල්පතිවරු සිටින බවද සදහන් කළේය.

     

    පසුගිය දිනවල පැවැති විදුහල්පති විභාගයෙන් 4,070 ක් සමත්ව තිබෙන අතර ඒ සඳහා සුදුසුකම් ඇති වැඩබලන විදුහල්පතිවරුන්ට ද ඉල්ලුම්පත් යොමුකළ හැකි බව සදහන් කළ අධ්‍යාපන අමාත්‍යවරයා, සුදුසුකම් අනුව පත්කිරීම් සිදුකරන බවද එසේ නොමැතිව පත්වීම් නොදෙන බවද පැවසීය.

     

    සමස්ත අධ්‍යාපන පද්ධතියම සැළසුම් සහගත අයුරින් සංවර්ධනය කරන බව පෙන්වාදුන් ඇමැතිවරයා අයවැය යෝජනා යටතේ ලබාදුන් මුදල් පළාත් සභාවන්ට ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබෙන බවද පැවසීය.  

     

    පවතින ගැටළු විසඳා ගනිමින් ඉදිරියේ දී කටයුතු කිරීමට පියවර ගන්නා බව සදහන් කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, එසේ නොමැති නම් කැමැති පරිදි අධ්‍යාපන ඇමැතිවරයෙකු පත් කරගෙන කටයුතු කරන ලෙස ද  පැවසීය.

     

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විශේෂ ව්‍යාපෘති සඳහා පළාත් සභාවට අයත් පාසල් මධ්‍යම ආණ්ඩුව යටතට පවරා ගැනීමේ බලය ඇතැයි පෙන්වාදුන් ඇමැතිවරයා එම පාසල් දියුණු කරන්නට, ප්‍රමිතිය සකසන්නට, අධීක්ෂණය කරන්නට සියලු බලතල රේඛීය අමාත්‍යාංශය සතු බවද සදහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya