මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු අධිවේගී මාර්ගයෙන් ඉගෙන ගත් පාඩම් අලුත් අධිවේගී මාර්ග සඳහා උපයෝගී කර ගන්නවා

    පෙබරවාරි 25, 2016

    දකුණු අධිවේගී මාර්ගයෙන් ඉගෙන ගත් පාඩම් අලුත් අධිවේගී මාර්ග සඳහා උපයෝගී කර ගන්නා බව සභානායක,උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් අධිවේගී මාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන් මතු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරය මේ බව පැවසී ය.


    දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව මාර්ගයේ කොටසක් වස තිබෙන බවත් තවම එහි වැඩ නිමවී නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අමාත්‍යවරයාගෙන් විමසීය.


    ඊට පිළිතුරුදුන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා;ඉතාම ඉක්මනින් වැඩ පටන් ගන්නවා. මටත් අවශ්‍ය වැස්ස පටන් ගන්න කලින් එය ආරම්භ කරන්න ''යැයි පැවසීය

     

    අධිවේගීමර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් ඇතැම් ඇලමාර්ගවල කොන්ක්‍රීට් සිරවී තිබෙන බවත් ඒ හේතුවෙන් කුඹුරු වගා කිරීමට ගැටළු ඇති වී ඇති බව පර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවසූ අතර ඊට පිළිතුරු ලබාදුන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා සිටියේ,එම ස්ථාන සම්බන්ධයෙන් කටයුතු කළ හැකි බවය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya