මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වතු ජනතාව වෙනුවෙන් පස් අවුරුදු සැලැස්මක් - අමාත්‍ය පී.තිගාම්බරම්

    පෙබරවාරි 25, 2016

    කුණු කූඩයට දමා තිබූ වතුකර ජනතාවගේ ජීවන තත්ත්වය නැංවෙන දස අවුරුදු සැලැස්ම, පස් අවුරුදු සැලැස්මක් ලෙස  මාර්තු 10 වෙනිදා එළිදැක්වෙන බව කඳුරට නව ගම්මාන ,යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පී.තිගාම්බරම් මහතා පවසයි.

     

    අමාත්‍යවරයා අද (25) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ගෙනා සභාව කල්තබන අවස්ථවේ යෝජනාවේ විවදයේ අඳහස් දක්වමිනි.


    රටේ ආර්ථිකයකට විශාල දයකත්වයක් ලබා දෙන වතු ක්ෂේත්‍රයේ ජනතාව මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් සභාවේ අවධානය යොමු කරමින් අද (25) පාර්ලිමේන්තුවට, විපක්ෂයේ ප්‍රධන සංවිධායක අනුර කුමාර දිසානයක මහතා විසින් සභව කල්තබන අවස්ථාවේ යෝජනාවක් විවාදයට ඉදිරි පත් කළේ ය.

     

    එදා නායකයෝ වතුකරයේ ජනතාව කොටු කරගෙන සිටියා. ඊට වතු ජනතව පිළිතුරු දී තිබෙනවා. වතුකරයේ ජනතව වෙනුවෙන් ලක්ෂ 12වටිනාකමින් නිවාස 309ක් ඉදිකිරීමට කටයුතු කළා.මට වතුකරයේ ජනතාව පිළිබඳවකැක්කුමක් තිබෙනවා. වතුකරයේ ජනතාවගේ ජීවන තත්ත්වය නැංවෙන දස අවුරුදු සැලැස්ම කුණු කූඩයක තිබුණේ, ඒක එළියට අරගෙන පස් අවුරුදු සැලැස්මක් ලෙස මාර්තු 10 දින එළි දක්වනවා.


    පළමු වරට වතුකරයේ ජනතාව වෙනුවෙන් දිනකට රුපියල් සියයක් වැඩි කර රුපියල් 2500ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළා.අවුරුදු දෙසීයකට වඩ වතුකරයේ ජනතාවට ප්‍රශ්න තිබෙනවා.නායකයෝ හිටියා වැඩක් කළේ නෑ.ආණ්ඩුවට දොස් කියනවට වඩා හිටපු ඇමැතිවරු වගකිව යුතුයි.අපිට තව අවුරුදු කීපයකින් වතුකරයේ ජනතවගේ ජීවන තත්ත්වය නඟාසිටුවිය හැකියි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya