මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු සහ රක්තපාත පිළිබඳ සමුළුවට ජනපති එක්වෙයි

    පෙබරවාරි 25, 2016

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග නිවාරණ ඒකකය සංවිධානය කළ ඩෙංගු සහ ඩෙංගු රක්තපාතය පිළිබද ජාත්‍යන්තර සමුළුවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (24) පස්වරුවේ එක්විය.

    කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ මෙම ජාත්‍යන්තර සමුළුව පැවැත්විණි.

     

    කොළඹ දිස්ත‍්‍රික්කයේ සහ පිට පළාතවල ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීම වෙනුවෙන් ගත හැකි ක‍්‍රියාමාර්ග පිළිබඳව මෙම සමුළුවේදී සාකච්ඡාවට ලක්වූ අතර ලොව පුරා සීඝ‍්‍රයෙන් පැතිර යන ඩෙංගු, චිකන්ගුන්යා සහ වෙනත් වසංගත රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ ක‍්‍රමවේදයන් පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු විය.

     

    මෙම අවස්ථාවට අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය මොහොමඞ් කාසිම් මොහොමඞ් ෆයිසාල්, කොළඹ පුරපති ඒ.ජේ.එම්. මුසම්මිල්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල ඇතුඑ සෞඛ්‍ය අමාත්‍යාංශ කාර්ය මණ්ඩල සහ විදෙස් රටවල් නියෝජනය කරමින් වෛද්‍යවරුන් ඇතුඑ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya