අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුධ සමයේ සරණාගතයින් වශයෙන් ජර්මනියට ගිය ශී‍්‍ර ලාංකිකයින්ට ජනපතිගෙන් විවෘත ආරාධනයක්

    පෙබරවාරි 18, 2016

    අද ශ‍්‍රී ලංකාව සියලූ ජන කොටස්වලට සතුටින් ජීවත්විය හැකි ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් බවට පත්ව ඇති අතර නැවත මව් රටට පැමිණ එම නිදහස භුක්ති විදීමට එක්වන්නැයි යුධ සමයේ සරණාගතයින් වශයෙන් ජර්මනියට ගිය ශී‍්‍ර ලාංකිකයින්ට ජනාධිපතිතුමා විවෘත ආරාධනාවක් සිදු කළේය.

    ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් මහත්මිය සහ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතර නිල හමුව ඊයේ (17) පැවැත්වුණු අතර ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ජර්මන් මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ජනාධිපතිතුමා මෙම ආරාධනාව සිදු කළේය.

     

    දශක පහකටත් වැඩි කාලයක් පුරා ත්‍යාගශිලීව ජර්මනිය විසින් ශී‍්‍ර ලංකාවට සපයන ලද සංවර්ධන ආධාර වෙනුවෙන් මෙහිදී සිය කෘතඥතාවය පළ කළ ජනාධිපතිතුමා දෙරට අතර චිරාගත සබදතා නව මානයක් ඔස්සේ වැඩිදියුණු කර ගැනීම තම අරමුණ බවද කියා සිටියේය.

     

    මාධ්‍ය හමුව ඇමතු ජර්මන් චාන්සලර්වරිය ප‍්‍රකාශ කළේ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ රාජ්‍ය නායකත්වය යටතේ ශී‍්‍ර ලංකාව තුළ සිදුව තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනස්කම් පිළිබද තමා ඉතා පැහැදීමෙන් සිටින බවයි. රට තුළ සාමය ඇතිවී ජන ජීවිතය තෘප්තිමත්ව ගත කිරීමට හැකිවීම පිළිබදව එතුමිය මෙහිදී සිය සතුට පළ කළාය.

     

    ශී‍්‍ර ලංකාවේ ඉදිරි ගමන් මග වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බවද ජර්මන් චාන්සලර්වරිය ප‍්‍රකාශ කළාය.

     

    ශී‍්‍ර ලංකාවේ වකුගඩු රෝගය නිවාරණය වෙනුවෙන් සහය ලබාදෙන බව පැවසු ජර්මන් චාන්සලර්වරිය පරිසර හිතකාමී ලෙස ජනතාවට ජලය සම්පාදනය කර දීම සදහා ජර්මන් රජයේ ආධාර ලබාදෙන බවත් වකුගඩු රෝගයට ජනතාව ගොදුරුවීම පිළිබද පරික්ෂණ සිදු කිරීමට ජර්මානු නියෝජිත කණ්ඩායමක් ශී‍්‍ර ලංකාවට යොමු කරන බවත් ප‍්‍රකාශ කළාය.

     

    ශී‍්‍ර ලංකා නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් ජර්මනිය තුළ සෞඛ්‍ය සමුථවක් පවත්වා වකුගඩු රෝගය ඇතුථ සෞඛ්‍ය ගැටථ පිළිබද සාකච්ඡුා කිරීමට අපේක්ෂා කරන බවද එතුමිය සදහන් කළාය.

     

    ශී‍්‍ර ලංකාව ජර්මන් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් රටක් වන අතර දෙරටේ සංචාරක සබදතා තවදුරටත් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බවද චාන්සලර්වරිය සදහන් කළාය.ශ‍්‍රි ලංකාව පිළිබද ජර්මන් ආයෝජකයින්ගේ විශ්වාසය සහ දැනුම වර්ධනය කරමින් ජර්මන් ආයෝජකයින් ඉදිරියේදී වැඩි වශයෙන් ශී‍්‍ර ලංකාවට යොමු කිරීමට කටයුතු කරන බවද චාන්සල්වරිය ප‍්‍රකාශ කළාය.

     

    pmdnews

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya