මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතියේ මුදල් හා සම්පත් අවභාවිතා කළ වරදකරුවෙකුට කිසිදු ගැලවීමක් නෑ

    පෙබරවාරි 10, 2016

    ජාතියට වංචා කළ,ජාතියේ මුදල් හා සම්පත් අවභාවිතා කළ වරදකරුවෙකුට කිසිදු ගැලවීමක් නැති බවත් එසේ ගැලවීමට යහපලන ආණ්ඩුව ඉඩ දෙන්නේ නැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසී ය.

    අග්‍රාමාත්‍ය වරයා අද (10) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ස්ථාවර නියෝග 23(2) යටතේ විමසූ ප්‍රශ්නයකට අමාත්‍යාංශ ප්‍රකාශයක් ඉදිරිපත් කරමිනි.


    පසුගිය කාලයේ මේ රටේ දූෂණය හා වංචාව මැඬලීමට කිසිදු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණේ නෑ.දූෂිතයන් හා වංචනිකයන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කළෙත් නෑ.ඒ වෙනුවට ක්‍රියාත්මක වුණේ දූෂණය හා වංචාව රජකරවන,යාන්ත්‍රණයයි.

     

    වැරදි පැත්තට කැරකැවෙමින් තිබූ යාන්ත්‍රණයක් එකවර අනෙක් පැත්තට කරකවන්න බැරි බව දන්නවා. එය කල්පනාකාරීව හා ඉවසීමෙන්,විමසිල්ලෙන් ඉටු කළ යුතු කාර්යයක්.

     

    දූෂණය සෙවීම සඳහා බලය ලබාදී තිබූ ආයතන අතුළෙත් දූෂණය තිබුණා.දූෂිත තත්ත්වයට මේ ආයතන පත් වී තිබුණා.අඩුපාඩු ගණනාවක් සම්පූර්ණ කිරීමට සිදු වුණා. නිලධාරීන් පුහුණු කිරීමට,අලුත් ආයතන බිහි කිරීමට සිදු වුණා.සමහර පුද්ගලයන්ගේ හරස් කැපීම්වලට මුහුණ දීමට සිදු වුණා. පසුගිය රජයේ ගසාකෑම්,දූෂණ, වංචා, කොමිස් ගැසීම් ගැන තොරතුරු ගණනාවක් රජයට ලැබී තිබෙනවා.

     

    මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණිලි 226ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 34ක්,අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂමට පැමිණිලි 63ක් පොලිස් නීති කොට්ඨාශයට පැමිණිල්ලක් යොමු කර තිබෙනවා.දැනට පැමිණිලි විමර්ශන 35ක අවසන් කොට ඉදිරි කටයුතු සඳහා නීතිපතිවරයා වෙත යොමු කොට තිබෙනවා.


    වංචා හා දූෂණ විමර්ශනයට ජනාධිපති කොමිෂමක් ද ස්ථාපිත කළා.සියලු විමර්ශනයන් විධිමත්ව හා ක්‍රමවත්ව සිදු වෙමින් පවතින බව කිව යුතුයි.

    දඬයමේ යනවා, පළිගන්නවා කියන චෝදනාව කරන්න කාටවත් ඉඩ දෙන්නේ නෑ.මේ විභාගයන්ට බලපෑම් කරන්නේ නෑ.මේක නීතිය අනුව කරන්න තියෙන්නේ.බලපෑමක් කරන්න වුවමනාවක් නෑ''යැයි ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya