මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "බවතරණ" ප්‍රථම දැක්මට ජනපති එක්වෙයි

    පෙබරවාරි 11, 2016

    සිව්වන දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලේ දී සම්මානයට පත් දේවින්ද කෝන්ගහගේ මහතාගේ ”බවතරණ” චිත‍්‍රපටයේ ප‍්‍රථම සිනමා දැක්ම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (10) පස්වරුවේ එක්විය.

    ”බවතරණ” ප‍්‍රථම වරට ඊයේ කොළඹ තරංගනී සිනමා ශාලාවේදී ප‍්‍රදර්ශනය කෙරිණි. මෙම ප‍්‍රථම සිනමා දැක්ම වෙනුවෙන් දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙල සංවිධායකයින් ද එක්ව සිටි අතර, එහිදී ඉන්දීය චිත‍්‍රපට අධ්‍යක්ෂ කේතන් මේතා වෙත දිල්ලි ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙල සංවිධායකයින් විසින් ජීවිතයට එක්වරක් පමණක් පිරිනමන සිනමා සම්මානය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් පිරිනමනු ලැබීය.

     

    දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙල සංවිධායකයින් විසින් ජනාධිපතිතුමා වෙත ගෞරව සම්මානයක් ද මෙහිදි පිරිනැමුණු අතර චිත‍්‍රපටයේ නිෂ්පාදක රාජපුත‍්‍ර වීරසිංහ මහතා වෙනුවෙන් පිරිනැමූ සම්මානය ද ජනාධිපතිතුමා අතින් පිරිනැමිණි.

     

    මෙම අවස්ථාවට කථානායක කරු ජයසූරිය මහතා සහ අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, සුසිල් පේ‍්‍රමජයන්ත, නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya