මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2020 දී ණය ආපසු ගෙවන්න පුළුවන් ලෙසට අපි දියුණු විය යුතුයි

    පෙබරවාරි 10, 2016

    පසුගිය අවුරුදු පහේ හයේ දී මේ රටේ විදේශ විනිමය උපයන මාර්ග ඇති වුණේ නෑ.අපේ නිෂ්පාදනය වැටුණා.2020 දී ණය ආපසු ගෙවන්න පුළුවන් ලෙසට අපි දියුණු විය යුතුයි. යැයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කළේ ය.

    අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසා පිළිතුරු ලබාගැනීමේ ආවස්ථාව අද සිට පාර්ලිමේන්තුවේ දී ආරම්භ වූ අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විමසූ   ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා අද (10) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා-

    2016 වසරේ දී විදේශ ණය සේවා කරණය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 8.2ක් ඇස්තමේන්තු කොට ඇති බැවින් රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඇ.ඩො.බිලියන 6.3 යැයි වාර්තා වී ඇති බැවින් ද ශ්‍රී ලංකාවේ බාහිර ස්ථායිතාව ඇතිකරනු වස් රජය අනුගමනය කිරීමට බලාපොරොත්තුවන ක්‍රියාමාර්ග පැහැදිළි කරන්නේ ද?

     

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා-

    දැනට ලෝකයේ සෑම මුදලකම වටිනාකම පහළ වැටෙනවා, ගෝලීය ආර්ථික තත්ත්වය නිසා.අපිට පමණක් බලපාන එකක් නොවේ.මේ රටේ උග්‍ර ගෙවුම් ශේෂය පිළිබඳ අර්බුදයක් නෑ.අප දන්නේ නෑ, ගෝලීය ආර්ථිකය විශේෂයෙන් ම කොයි පැත්තට යයි ද කියලා.ඒකට මුහුණ දීමට අපි අයි.එම්.එෆ් එක සමඟ සකච්ඡා කරලා,ඒ ගැන ඉදිරියේ දී ප්‍රකාශයක් කරන්නම්.

     

    ප්‍රශ්නය- මේ සංචිත ප්‍රමාණයෙන් ,1.1ක් ඉන්දියානු සහන කෙටි කාලීන ණයක් ලෙස ලබාගෙන තිබෙන්නේ.එයත් අඩු වුවහොත් 5.2යි නිල විදේශ සංචිතය තිබෙන්නේ.ඉන්දියානු ණය දිගු කාලීන කරන්න බලාපොරොත්තු වෙනවද?කොහොමද එයට මුහුණ දෙන්නේ?

     


    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා-

    ඉන්දියාවේ ආර්ථික වර්ධනය 7.6%ක් ඇති වී තිබෙන්නේ.ඔය බිලියන ගණන් වලින් අපේ නමට තිබෙන්නේ මොනවද?අපි එක එක තැන්වලින් ණයට ගත් මුදල් නෙ තියෙන්නේ.මොකක්ද අපිට කියලා තියෙන්නේ මොකක්ද?අපි හැමතැනින්ම ණය අරගෙන තියෙන්නේ.එහෙත් මේ වසරේ ගෙවන්න තියෙන්නේ,සම්පූර්ණ පොළී ගෙවීම් ඩොලර් බිලියන 1.5යි.


    ගිය අවුරුදු පහේ හයේ දී මේ රටේ විදේශ විනිමය උපයන මාර්ග ඇති වුණේ නෑ.අපිට ජී.එස්.පී.ප්ලස් නැතිවුණා.අපිට බිලියන ගණනාවක් නැති වුණා.අපිට වෙනත් භාණ්ඩ පිටරට යවන්න බැරි වුණා.අපේ නිෂ්පාදනය වැටුණා.අපි කළේ, මැදපෙරදිගට යවන කණ්ඩායම වැඩි කළා.ණය ගන්න පටන් ගත්තා.තේ,පොල් රබර් වලට ලෝකයේ තිබෙන සියලු භාණ්ඩවල මිල අඩුවෙලා තිබෙන්නේ.අපි බලන්නේ මූලික වශයෙන් කර්මාන්ත,සංචරක, ව්‍යාපාර මාර්ගයෙන් වැඩියෙන් මෙරටට විදේශ විනිමය උපයා ගන්නේ කියලා.අපිට කෙටි කාලීනව ණය වෙන්න සිදු වෙයි.2018-19 වනවිට පදනමක් දාලා,2020 දී ණය ආපසු ගෙවන්න පුළුවන් ලෙසට අපි දියුණු විය යුතුයි.අපේ දළ දේශීය නිෂ්පාදනය දෙගුණයක් කරන්න අවශ්‍යයි.එවිටයි ණය ගෙවන්නට පුළුවන් වෙන්නේ.ගෙවන්න තියෙන ණය දෙස බැලුවොත් පුදුම වෙයි.

     

    අපි අයි.එම්.එෆ් එක සමඟ සාකච්ඡා කළා. තවත් සාකච්ඡා කරගෙන යනවා. ප්‍රධාන ප්‍රශ්නය අපිට අපනයන මර්ග අඩුයි.කෙටි කාලීනව ණය ගන්න සිදු වෙනවා.තෙල් මිල අඩු වුණාට වාහන ආනයනය වැඩි වුණා.මේ ආණ්ඩුව ආවම ජනතාව අතර මුදල් තිබෙනවා.මාර්තු මාසයේ පලමු සතියේ ප්‍රකාශයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සභාවටයි මුදල් පාලනයේ අයිතිය තිබෙන්නේ.ඒ ප්‍රශ්නයෙන් අපි ඈත් වෙන්නේ නෑ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya