මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධනයට තිබෙන සියලු බාධක අපි ඉවත් කරනවා -අගමැති

    පෙබරවාරි 10, 2016

    අපි ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා මූලික පදනමක් සකස් කර තිබෙනවා.අපේ අවසාන අරමුණ විය යුත්තේ ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය සංචාරක කර්මාන්තයක් ලෙස ස්ථානගත කිරීමයි. සංවර්ධනයට තිබෙන සියලු බාධක අපි ඉවත් කරනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කරයි.


    අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසා පිළිතුරු ලබාගැනීමේ ආවස්ථාව අද සිට පාර්ලිමේන්තුවේ දී ආරම්භ වූ අතර මන්ත්‍රිවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා අද (10) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.

     

    ප්‍රශ්නය- පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ආශු මාරසිංහ මහතා-

    ශ්‍රී ලංකාවේ යෝජිත නව සමජ ආර්ථික වෙළඳපොළ තුළ තාක්ෂණයේ දියුණුවත් සමඟ ආර්ථිකය නවීකරණය කිරීම සඳහා අපේ තරුණ තරුණියන්ට විශාල කාර්යභාරයක් කිරීමට තිබේ.අපේ තරුණ පරම්පරාව රටේ ආර්ථික සංවර්ධනයට සම්බන්ධ කරගැනීම සඳහා වූ ජාතික තරුණ ප්‍රතිපත්තිය කුමක්ද?

     


    අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මැතිතුමා-

     

    තරුණයන් අපේක්ෂා කරන්නේ මොනවගේ හෙට දවසක්ද,හොඳ අධ්‍යාපනයක්, අතට මිටට සරිලන මුදලක්,යහපත් ජීවිතයක්,තමන්ටම කියා නිවසක්.මේ සියල්ල ඉටුකරගැනීමට පදනම වන්නේ, ආර්ථිකයයි.රටේ අනාගත පරපුරට අදට වඩා හොඳ හෙටක්,නිර්මාණය කර දිය හැක්කේ ආර්ථිකය ඉහළට නැංවීමෙන් පමණයි.මේ නිසා අපි ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා මූලික පදනමක් සකස් කර තිබෙනවා.

     

    ඒ පදනම මත වේගවත් ආර්ථික සංවර්ධනයක් ලබාගන්නවා.කෙටි කාලීන වශයෙන් අපි ක්ෂේත්‍ර දෙකක් පිළිබඳ  අවධානය යොමු කොට තිබෙනවා.එකක් සංචාරක කර්මාන්තය,අනෙක තොරතුරු තක්ෂණ කර්මාන්තයයි.

    පසුගිය කාලයේ සංචාරක කර්මාන්තය වර්ධනය කරලීමේ පුළුල් අවධානයක් යොමු කර තිබුණේ නෑ.හිතුවා, හෝටල් හැදුවම කමර පිරෙයි කියලා.එය සිදු වන්නේ නෑ.හොඳ ආදායමක් ලබෙන්නේ නෑ.සංචාරක කර්මාන්තය යොදාගෙන තිබුණේ,තමන්ගේ සාක්කු පුරවා ගන්නයි.

    ජනවාරි 08 වැනිදා මෛත්‍රිපාල සිරිසේන මතිතුමා,ජනාධිපතිධූරයට තේරීපත් වීමෙන් පසු නැවතත් ශීලාචාර රජයක් ලෙසලෝකයට පෙන්වීමට උත්සහ ගත්තා.ඒ නිසා දැන් ලෝක අවධානය අප වෙත යොමු වී තිබෙනවා.

     

    මේ අවස්ථාවන්ගෙන් අපි ප්‍රයෝජන ලබාගත යුතුයි.කලාපීය වශයෙන් සංචාරක කර්මාන්තය නඟාසිටුවීම ශාස්ත්‍රික සංචාරකයින්,ආගමික සංචාරකයින්,පරිසර සංචාරකයින් ආදී විවිධ ක්ෂේත්‍ර පිළිබඳව වැඩි වැඩියෙන් අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍ය කරුණක්.අපේ අවසාන අරමුණ විය යුත්තේ ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය සංචාරක කර්මාන්තයක් ලෙස ස්ථානගත කිරීමයි.

     

    සංචාරක කර්මාන්තයේ පුළුල්වීමක් හා දියුණුවක් ලබාගනිද්දී තරුණ තරුණියන් විශාල පිරිසකට රැකියා අවස්ථා නිර්මාණය වෙනවා. තොරතුරු තාක්ෂණ අංශයෙන් ද අප පිම්මක් ඉදිරියට පනිමින් සැළසුම් කරන්නට යන්නේ,ඒ මාර්ගයෙන් ද තරුණ තරුණියන්ට රැකියා අවස්ථා සැළසෙන නිසයි.


    කාගෙවත් රැකියා නැතිවෙන්නේ නෑ. කාගෙවත් ආදායම් මාර්ග නැතිවෙන්නේ නෑ. මින් සිදුවන්නේ අපේ අයගේ වේතනය සිදු වෙනවා. පුහුණුව හා නිපුණතාවය සහිත කර්මාන්තද මේ රටේ දිරිමත් කරනවා.පුහුණු මධ්‍යස්ථාන ස්ථාපිත කරනවා.අපි ඉදිකිරීමේ කටයුතු කරගෙන යනවා.

     

    අපි චීනය සමඟ කතා කරනවා.ජපානය සමඟ කතා කරනවා.ඉන්දියාව සමඟ කතා කරනවා.මේ සියල්ලම ලංකාවට එන්නේ,වෙනත් වෙළඳපළවල් බලාගෙනයි.අපි කොහොමද විදේශ වෙළඳපොළට යන්නේ?අපි ඉන්දියාව සමඟ සාකච්ඡා කරනවා.චීනය සමඟ සාකච්ඡා කරනවා.


    මේ සඳහා ගිවිසුම් ගන්න හොඳ වෙලාව.මිලියන 20ක වෙළඳපොළ තුළ තරුණ තරුණියන්ට රැකියා සොයා දෙන්න බෑ.මුළු ලෝකයම වෙළඳපොළකට ගෙනැත්,අපිට තරඟකාරීව කරන්න පුළුවන්සේවාව,වැඩසටහන සපයලා,ඉදිරියට ගෙන යන්නයි බලාපොරොත්තු වෙන්නේ.


    ප්‍රශ්නය- පසුගිය කාලයේ දැක්කා,ප්‍රතිපත්ති ක්‍රියාත්මක වුණේ නාගරිකව විතරයි.ගමට ගලාගෙන ගියේ නෑ.මෙය ගමටගලගෙන යන වැඩසටහනක් වන්නේ කෙසේ ද?

     

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා-

    එයට එකඟ වන්නේ නෑ.මේවා නගරයේවත් තිබුණේ නෑ.පොත්වලට සීමා වුණා. මාධ්‍යයෙන් දැක්කා.මෙගා පොලිෂ් වැඩසටහන යටතේ වෙනම කලාප කීපයක් වෙන් කර තිබෙනවා,තාක්ෂණය ගෙන එන්න දියුණු කරගෙන යනවා,නැව් සහ ගුවන් යානා නැති හම්බන්තොට වරායක්, ගුවන්තොටුපලක් තිබුණා.හම්බන්තොට වරායේ නැව් අලුත්වැඩියා කරන්න,බංකරින් කර්මාන්තය දියුණු කරන්න,කර්මාන්තශාලා ඒ ප්‍රදේශවලට ගේන්න, බස්නාහිර පළාතට අමතරව වයඹටගේන්න, මූලික පියවර හැටියට ක්‍රියාත්මක කරනවා.සංවර්ධනයට තිබෙන සියලු බාධක අපි ඉවත් කරනවා.

     

     

    ප්‍රශ්නය- තාක්ෂණ දැනුම හා පුහුණුව ලබාදීම සඳහා තරුණ පරපුර තාක්ෂණයෙන් පුහුණු කරන්නට වෙනවා.මේ පුහුණු කිරීම සඳහා වූ වැඩපිළිවෙල කුමක් ද?

     


    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා-

     

    අපි දැන් සාකච්ඡා කරගෙන යනවා.රාජ්‍ය අංශයයි, පුද්ගලික අංශයයි එකතුවෙලා,ඒකාබද්ධ වැඩසටහනක් යටතේ,සීග්‍රයෙන් මේ රැකියා අවස්ථා සඳහා පුහුණු කරන්නට.ඉදිරි සති තුන හතර තුළ ප්‍රකාශ කරන්නම්.

     


    ප්‍රශ්නය- නවෝත්පාදය හරහා සමාජ වෙළඳපොළ ආර්ථිකයේ දී ශ්‍රී ලංකා ආර්ථිකය ඔසවා තබන්නට,විශේෂයෙන් විශ්වවිද්‍යාලවලින් පිටවන උපාධිධාරීන්ගෙන් විශාල දායකත්වයක් ලබාගත යුතු වෙනවා.සමහර පාඨමාලා අනාගතයට ගැළපෙන පාඨමාලා නොවෙයි.යෝජනා කරන ක්‍රියාමාර්ග මොනවාද?

     

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා-


    සියයට 50%කට පමණ රැකියා ලබාගන්න ප්‍රශ්නයක් නෑ.කලා අංශයටයි මේ ප්‍රශ්නය තිබෙන්නේ. අනාගතයේ දී උසස් අධ්‍යාපන අමාත්‍යාංශයත්,විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමත් පාඨමාලා ඉල්ලුම අනුව සංශෝධනය කරන්නයි කටයුතු කරගෙන යන්නේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya